gossiplanka alexa පොරොව පහරින් දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්ඡාරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොරොව පහරින් දැරිය ඝාතනය කල ඝාතකයාගේ පාපොච්ඡාරණය

හාලිඇළ දෙමළ විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන ධර්මරාජා ලිදියා ඉගෙනුමට ඉතා දක්ෂ ශිෂ්‍යාවක්. ඇය පදිංචිව සිටියේ උඩුවර තේ වත්තේ පහළ කොටසේ තම මව, පියා සහ වැඩිමහල් සොහොයුරා සමඟයි. 

මවුපියන් වතු කම්කරුවන් ලෙස වතුවැඩවල නිරත වන අතර ඇය ඉගෙනුමට මහත් ආශාවක් දැක්වූ ශිෂ්‍යාවක්. සාමාන්‍ය පෙළ විභාගය ද සමත්ව උසස් පෙළ විභාගය ද ඉහළින් සමත් වීමට ඇයට මහත් ඕනෑකමක් විය. ඇය පාසැල් නොගිය දිනක් නොමැති තරම්ය. 

ලිදියාගේ අයියා ද පෞද්ගලික අංශයේ ‍රැකියාවක නිරත වන නිසා එම පවුලේ එතරම් අඟ හිඟකමක් ද නොවීය. පවුලේ සියළුදෙනාගේම බලාපොරොත්තුව වූයේ ලිදියා හොඳින් ඉගෙනු ගනු දැකීමය. 

ලිදියා හැඩකාර තරුණියක් වූ අතර ඇයගේ ආදරය අයදිමින් ඇයගේ නිවස ආසන්නයේම සිටි රාජු නැමැති තැනැත්තාගෙන් ඇයට නිතරම කරදර සිදු වී තිබුණා. ඔහු ඇයට වඩා වසර පහළොවක් පමණ වැඩිමහල් පුද්ගලයෙක්. කුලී වැඩවල නිරත වූ රාජුට ඇයගේ ආදරය පතා ඇය පසු පස ආවත් ලිදියා ඇයගේ කැමැත්ත ඔහුට ලබා දුන්නේ නැහැ. රාජු තමා පසුපස පැමිණ නිතර කරදර සිදු කරන බව ඇය මවුපියන්ට ද පවසා තිබුණා. මෙය ඇයගේ මව්පියන්ට ද මහත් හිසරදක් වුණා. 

තම නැගණිය පසුපස එමින් කරදර කරන රාජු ගැන ලිදියාගේ අයියා වන සුරේෂ්ට තිබුණේ ද දැඩි තරහක්. සුරේෂ් දිනක් රාජු සොයා ඔහුගේ නිවසට ගියේ මේ ගැන රාජුට තරව‍ටු කිරීමටයි. නමුත් රාජු එදින නිවසේ නොසිටි නිසා සුරේෂ් ආපසු පැමිණ තිබෙනවා.

සුරේෂ් තමාව සොයා නිවසට පැමිණි බව දැනගත් රාජු කෝපයට පත්ව කැත්තක් ද අතැතිව සුරේෂ්ව සොයා ඔහුගේ නිවසට ගියේ ඔවුන්ට බැණ වදිමින්. සුරේෂ්ගේ නිවසේ දී මහත් කෝලහාලයක් සිදුවෙද්දි රාජු කැත්තෙන් නිවැසියන්ට පහර දී තිබෙනවා. කැති ප්‍රහාරයෙන් සුරේෂ් මෙන්ම ඔහුගේ දෙමව්පියන් ද තුවාල ලැබූ අතර ඔවුන් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. ඉන්පසු මේ සම්බන්ධයෙන් හාළිඇල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර පොලීසිය රාජු සොයා යන්නට වුණා. සැඟව සිටි රාජු අවසානයේ දී පොලීසියට භාර වී තිබුණා. 

පසුව අධිකරණය විසින් රාජුව දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කලා. මෙම සිද්ධිය සිදු වූයේ මීට අවුරුද්දකට පෙරය. 

පසුව රාජුට එරෙහිව පොලීසිය විසින් ගොනුකල නඩුව සමථ මණ්ඩලයකට යොමු කෙරුණ අතර රාජු ලිදියාගේ දෙමව්පියන්ට පණිවිඩ පිට පණිවිඩ එවමින් කියා සිටියේ තමන්ගෙන් නැවත කරදරයක් සිදු නොවන බවත් තමා වෙනත් තරුණියක හා විවාහ වී පිටරට යන බවත්ය. ලිදියාගේ මව්පියන් ඔහු ගැන විශ්වාස කර සමථ මණ්ඩල නඩුව අවසන් කිරීමට තීරණය කලා. නමුත් සමථ මණ්ඩලයෙන් ලිදියාගේ මව්පියන්ට රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙස රාජුට නියම කලා. එම මුදල 25,000 බැඟින් වූ කොටස් දෙකකින් ලබා දෙන ලෙස රාජුට දැනුම් දී තිබුනා. 

එහි පළමු වාරිකය මාර්තු 06 වන දිනත් දෙවැනි වාරිකය මාර්තු 27 වන දිනත් ගෙවීමට නියම වුණා. ලිදියාගේ මව්පියන් සිතූවේ මෙම සමථයෙන් පසු රාජුගෙන් ලිදියාට කරදරයක් සිදු නොවනු ඇතැයි කියාය.

නමුත් රාජුගේ සිතේ තිබුණේ ඔවුන් කෙරෙහි වෛරයක්. ලිදියාගේ ආදරය නොලැබීමත් ඔවුන්ට මුදල් ගෙවීමට සිදු වීමත් නිසා රාජු සිටියේ කෝපයෙන්. ලිදියාව කැමති කරවා ගන්නට රාජු නිතරම උත්සාහ කලත් ඒ කිසිවක් හරි ගියේ ද නැත. නමුත් රාජු තම උත්සාහය අත හැරියේ ද නැත. ලැයිමේදී අහම්බෙන් හෝ හමු වූ විට රාජු ලිදියාගෙන් ආදරය ඉල්ලා සිටියා.

නිවාඩුවෙන් පසු පාසැල් ඇරඹි ඉකුත් දිනක රාජු පාසැල් ඇරී නිවසට එන ලිදියාව මුණ ගැසීමට තීරණය කළා. ලිදියා එදින පාසැල් නොපැමිණි හෙයින් ඔහුට ඇයව මුණ ගැසීමට හැකි වුණේ නැහැ. තම උත්සාහය අත නොහැරි රාජු පසුගිය 8 වන දිනත් ඇයව මුණ ගැසීමට පාසැල අසල ‍රැඳී සිටියා. උදෑසන ලිදියා පාසැල් යන අයුරු දු‍ටු රාජු ඇයට හොඳ පාඩමක් උගන්වන්නට සිතා පොරවක්ද අතැතිව එය එන මඟ ‍රැඳී සිටියා. 

දහවල් දෙකට පාසැල නිමවූ ලිදියා නිවසට ආපසු පැමිණීමට වලස්බැද්ද බසයට ගොඩ වී හතේ කණුව හන්දියෙන් බැස මාර්ගය දිගේ සුපුරුදු පරිදි ඉදිරියට ගමන් කරන්නට වුණා. එකෙණෙහිම පොරවද අතැතිව රාජු ඇය වෙත කඩා පැන වේගයෙන් ලිදියාගේ හිස මත පොරොවෙන් පහරක් එල්ල කර තිබෙනවා. ඒ සමඟම ඇය එතනම ඇඳ වැ‍ටුණත් වීර්යයෙන් නැගී සිටි ලිදියා මාරයාගෙන් බේරීමට ඉදිරියට දිවගොස් තිබුණා. නමුත් ඇයට මාරයාගෙන් ගැලවීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ. ඇය පසුපසම පැමිණි රාජු නැවතත් ඇයට පොරොවෙන් පහරක් එල්ල කර ඇති අතර බිම වැ‍ටුණු ඇයගේ හිස පොඩි පට්ටම් වෙනතුරු පොරොවෙන් පහර එල්ල කර තිබෙනවා. 

මෙම සිද්ධිය මාර්ගයේ ගමන් ගත් බිස්කට් ලොරියක සිටි සේවකයින් දැක කෑ ගසද්දී රාජු බියට පත්ව අසල තිබූ ලඳු කැලෑව දෙසට දුව ගොස් ඇත්තේ අත තිබූ පොරොව ද ඒ අසලට විසි කරමින්. 

ලිදියා මරා දමා ඇති පුවත මුළු ප්‍රදේශයේම ඉක්මණින් පැතිර ගිය අතර ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංශය හරහා පොලීසිය ද දැනුවත් කර තිබුණා. 

සිද්ධියෙන් අනතුරුව තම දිවි තොර කර ගැනීමට රාජු රේල් පාර අසලට දිව ගියත් ඒ වන විට කිසිදු දුම්රියක් පැමිණ තිබුණේ නැහැ. අවසානයේ දී රාජු පොලීසියට භාර වීමට තීරණය කර තිබුණා. 

"මම මීට අවුරුදු තුනකට කලින් කරුප්පයියාගේ ලිකු දුවත් එක්ක යාළුවෙලා හිටියා. ඒ හින්දා මමත් ලිදියාගේ අම්මා තාත්තාත් එක්ක ආරවුලකුත් ඇති වුණා. මම දවස් 14ක් රිමාන්ඩ් වුණා. පස්සෙ නඩුව සමථයකට පත් වුණා. මට රුපියල් 50,000ක් ගෙවන්න වුණා. 

අපි දෙන්නා යාළුවෙලා හිටියත් සතියකට වරක් එයා මාත් එක්ක අමනාප වෙනවා. ආයෙ කතා කරනවා. ආයෙත් මාත් එක්ක රණ්ඩු වෙනවා. සති දෙකකට සැරයක්වත් සම්බන්ධෙ නතර කරනවා. මේකට හේතුව මොකද අහන්න මං කිහිප සැරයක්ම උත්සාහා කළා. එයා බය කරන්න කියලා හිතාගෙන එයා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එද්දි 7 වෙනිදා මම එයා එනකල් හැංගිලා බලන් හිටියා. ඒත් එයා එදා ආවෙ නෑ. මං 8 වෙනිදත් එයා එනකල් එයාව බයකරන්න පොරවකුත් අරන් හැංගිලා බලන් හිටියා. 

එයාගෙන් මං ඇහුවා ඇයි උඹ මාත් එක්ක තියෙන සම්බන්ධෙ නතර කළේ කියලා. "මම උඹට ආදරේ නැහ. පුළුවන් දෙයක් කරන්න" කියලා එයා මට කිව්වා. මට හොඳටම කේන්ති ගියා. ඒත් එක්කම මම අතේ තිබුණු පොරොවෙන් එයාට කෙ‍ටුවා. එයා බිම වැ‍ටුණට පස්සෙත් මම පොරොවෙන් කෙ‍ටුවා. ඒ කොටද්දී බිස්කට් ලොරිය මට කෑ ගහගෙන ගියා. පස්සෙ පොරොව කැලේට විසිකරලා කැලේට පැන්නා. මම කෝච්චියට පැනලා මැරෙන්න ගියත් කෝච්චියක් ආවේ නැහැ. පස්සෙ මං පොලීසියට භාර වුණා"

සැකකාර රාජු පාපොච්ඡාරණය කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව ලිදියා සමඟ ඔහු වසර තුනක ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇතත් ඇයගේ දෙමව්පියන් පවසන්නේ රාජු සිය දියණියගෙන් ආදරය ඉල්ලා ඇයට කරදර කරමින් ඇය පසුපසින් පැමිණි බවය.

පොලීසිය සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වනවා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu