gossiplanka alexa වෙළඳපොළේ භාණ්ඩ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙළඳපොළේ භාණ්ඩ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ, කල් ඉකුත් වූ භාණ්ඩ සහ බාල තත්ත්වයේ භාණ්ඩ උත්සව සමයේ දී වෙළඳපොළට පැමිණිය හැකි බැවින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ලේබලය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් ඇසුරුම් කරන ලද ආහාර මිල දී ගැනීමේ දී දැඩි අවධානයක් යොමු කරන ලෙසයි වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ. එසේම කලවම් කරන ලද කුළුබඩු වර්ග ද වෙළඳපොළේ පැවතිය හැකි බැවින් ඒවායේ පැහැය සහ සුවඳ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අප්‍රේල් 1 වැනිදා සිට 16 වැනි දින දක්වා කාලය තුළ කොළඹ නගරයේ ආහාර පාන පරීක්ෂා කිරීම සඳහා මහජන පරීක්ෂකවරුන් 49 දෙනෙකු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 6 දෙනෙකු යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. ආහාර පනත යටතේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසා සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu