gossiplanka alexa පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගැන දැඩි අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ගැන දැඩි අවධානය

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම්වරයාට අග්‍රාමාත්‍යවරයා විසින් දන්වා තිබෙනවා. 

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇති බව සඳහන්. ඉන්ධන භාවිතයෙන් උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා රුපියල් 60කට වැඩි වියදමක් දරන බවත්, පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය වන විදුලි ඒකකයක් රුපියල් 20ක පමණ අවම වියදමකින් ලබා ගත හැකි බවත් මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා. ඒ අනුව පවතින විදුලි අර්බුදය විසඳීමට නම් පුනර්ජනනීය බලශක්තිය හැර වෙනත් විකල්පයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී තිබෙනවා.

2030 වර්ෂය වන විට ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති විදුලි අවශ්‍යතාව වන ගිගා වොට් පැය 28, 200න්, ගිගාවොට් පැය 19,800ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමේ වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් 70%ක පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට නම් දැනට ක්‍රියාත්මක විදුලි බල මණ්ඩලයේ 1969 පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් මෙම සාකඡාවේ දී පැවසුවා. පුනර්ජනනීය බලශක්තිය මගින් උත්පාදනය කරන විදුලි ධාරිතාව ප්‍රධාන විදුලි සැපයුම හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමේ දී විදුලිබල මණ්ඩලය මන්දගාමී බවට ද මෙහි දී කරුණු ඉදිරිපත් වුණා. 

වර්තමාන විදුලි අර්බුදයට වහා විසඳුම් අවශ්‍ය බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, විදුලි අර්බුධයෙන් පීඩාවට පත් ජනතාවට හැකි ඉක්මනින් අඛණ්ඩව විදුලිය සැපයිය යුතු බව පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu