gossiplanka alexa ආර්ථික උපදේශන කමි‍ටුවෙන් ඉක්මණින් ක්‍රියාත්මක කල යුතු යෝජනා 5ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආර්ථික උපදේශන කමි‍ටුවෙන් ඉක්මණින් ක්‍රියාත්මක කල යුතු යෝජනා 5ක්

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුවක් පසුගියදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. එම උපදේශන කමි‍ටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිරිපත් කර තිබෙනවා. 

1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහා ම පත් කිරීම. 

2. මූල්‍ය උපදේශකයෙකු වහා ම පත් කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම. 

3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතු ය. 

4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම. 

5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම. 

එසේම ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කර තිබෙනවා. ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදු ව තිබෙනවා. විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ ය. මුහුණ දීමට ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මඟහරවා ගත හැකි බව උපදේශක කමිටුව විශ්වාසය පළ කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu