gossiplanka alexa ඇමතිකමෙන් ඉවත් කළ විමල් වීරවංශට නඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමතිකමෙන් ඉවත් කළ විමල් වීරවංශට නඩුවක්

හිටපු කර්මාන්ත ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියම කරනු ලැබුවා.

විමල් වීරවංශ මහතාට එන නඩුව ගොනු කර ඇත්තේ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර උද්ඝෝෂණය කිරීම යන චෝදනාව මතයි. කුරුඳුවත්ත පොලීසිය විසින් ගොනුකර ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා සහ, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක , රොජර් සෙනෙවිරත්න යන අය නම් කර තිබෙනවා. 

එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇම මත මුදා හැර සිටි විත්තිකරුවන් හය දෙනා අධිකරණයේ පෙනී සිටියා. අදාළ නඩුව මැයි මස 30 වන දින කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කරනු ලැබුවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu