gossiplanka alexa සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන සහ නොවන පක්ෂ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන සහ නොවන පක්ෂ

මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැඳවූ සර්ව පාක්ෂිත සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පවැත්වීමට නියමිතව තිබෙනවා. 

එම සමුළුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය ඇතුළු තවත් සුළු පක්ෂ කිහිපයක් සහ විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එසේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහ වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ සහ අතුරලියේ රතන හිමි සහභාගී වීමට නියමිත බවයි පැවසෙන්නේ. 

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ මේ වන විට මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දැනුම් දී තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර නියෝජනය කරන පක්ෂ සහ ලංකා කම්කරු කොංග්‍රසය ද මෙම සමුළුව වර්ජනය කරන බව සඳහන්. දෙමළ ජාතික ජනතා සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමටයි තීරණය කර ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu