gossiplanka alexa යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක්, විකිරණශීලීතාව නිසා දැඩි අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක්, විකිරණශීලීතාව නිසා දැඩි අවදානමක්

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව දියත් කරන ප්‍රහාරවලින් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියන් හමුදාවෙන් එල්ල වූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. 

එම ප්‍රහාරයෙන් සිදු වූ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නත් සමඟ න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

බලාගාරයේ මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ගින්න නිවා දැමීමට නම් රුසියන් හමුදාව විසින් එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරමින් පවතින ප්‍රහාර නවතා දැමිය යුතු බවයි. 

යම් හෙයකින් මෙම න්‍යෂ්ටික බලාගාරය පිපිරීගියහොත් එය "චර්නොබිල්" න්‍යෂ්ටික බලාගාරයේ ඇතිවූ පිපිරීමට වඩා 10 ගුණයක් විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි පැවසෙනවා. 

මෙම න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හයක් තිබෙන අතර එය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය සහිත බලාගාරය වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu