gossiplanka alexa රුසියාවේ යුද ප්‍රකාශයත් සමඟ ලොව ඉන්ධන මිල ඉහළට, කොටස් වෙළඳපොළ කඩාවැටේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවේ යුද ප්‍රකාශයත් සමඟ ලොව ඉන්ධන මිල ඉහළට, කොටස් වෙළඳපොළ කඩාවැටේ

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වසර 07කට පසු ඩොලර් 100 අගය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව සිය හමුදා මෙහෙයුම් දියත් කිරීමත් සමඟයි. 

ඒ අනුව බ්‍රෙන්ට් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.27ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඔපෙක් හි ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.94ක් ලෙස සටහන්ව තිබෙන බවයි සඳහන් වන්නේ. 

මේ අතර බොහෝ රටවල්වල කොටස් වෙළඳපොල ද කඩා වැටීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ආසියාවේ ප්‍රධාන කොටස් වෙළඳපළවල් වන හොංකොං හි Hang Seng ‍කොටස් වෙළෙඳපොළ සියළු කොටස් අගයන් 3.2%කින් පහත වැටී තිබෙනවා. ඇමරිකාවේ Dow 2.4%ක් සහ Nasdaq 2.8%ක් ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙනවා. චීනයේ Shanghai කොටස් වෙළඳපොළ 0.9%කින් ද ජපානයේ Nikkei කොටස් වෙළෙඳපොළ 2.4%කින් ද කඩා වැටී ඇති බව සඳහන්. 

රුසියාව නැවත දැනුම් දෙන තුරු තම කොටස් වෙළඳපොල ගනුදෙනු අත්හි‍ටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu