gossiplanka alexa යුක්‍රේන රුසියා ගැ‍ටුමේ අළුත්ම තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යුක්‍රේන රුසියා ගැ‍ටුමේ අළුත්ම තත්ත්වය

යුක්‍රේනය රුසියාව සමඟ තිබූ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිට වූ බව යුක්‍රේන ජනාධිපතිවරයා අද නිවේදනය කලා. ඔහු සිය ජනතාව අමතා ප්‍රකාශ කර ඇත්තේ හැකියාවක් ඇති සියළුම දෙනා තුවක්කුවක් ‍රැගෙන රුසියාවට එරෙහි සටහනට එක්වන ලෙසයි.

මේ වන විට කිව් අගනුවර ඇතුළු යුක්‍රේනයේ නගර ‍රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර එල්ලවෙමින් පවතිනවා. කිව් අගනුවරින් පලා යාමට උත්සාහා දරන පිරිස් නිසා මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබෙනවා. 

යුක්‍රේනයට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් යුක්‍රේන හමුදා සෙබලුන් 40කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

මේ අතර යුක්‍රේනයේ ගුවන් කලාපය වසා දැමීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. ඒ ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන්. මේ වන විට රුසියාවේ ප්‍රහාරක ගුවන් යානා 5ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් බිම දැමූ බව යුක්‍රේන හමුදා පවසනවා. 

කෙසේවෙතත් රුසොයන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ යුක්‍රේන මිසයිල ආරක්ෂණ පද්ධතිය සහ ගුවන් හමුදා කඳවුරු සම්පූර්ණයෙන්ම අඩපණ කර ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu