gossiplanka alexa රුසියාව යුද්ධය ප්‍රකාශ කරයි, පුටින්ගෙන් රටවල්වලට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව යුද්ධය ප්‍රකාශ කරයි, පුටින්ගෙන් රටවල්වලට අනතුරු ඇඟවීමක්

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියන් ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. රුසියන් ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද උදෑස්න 5.05ට ජාතිය අමතමින් කියා ඇත්තේ තමන් ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි. 

යුක්‍රේනයේ සිටින සන්නද්ධ හමුදා නිරායුධ කිරීමට තමන්ට අවශ්‍ය බවත් භූමිය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නොවන බවත් මෙහිදී පුටින් ජනාධිපතිවරයා පවසා තිබෙනවා. යුක්‍රේන හමුදා සාමාජිකයින්ගෙන් රුසියන් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ අවි බිම තබා ගෙදර යන ලෙසයි.

එසේම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දරුණු විපාක අත් විඳීමට සිදුවනු ඇතැයි ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා. 

මෙයට පිළිතුරු වශයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියන් ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වඳිනු ඇති බවයි. 

රුසියන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සුළු මොහොතකට පෙර යුක්‍රේනයේ ස්ථාන කිහිපයක පිපිරීම ‍රැසක් සිදුවී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu