gossiplanka alexa රුසියාව සහ යුක්‍රේනය අතර දරුණු සටන්, රුසියාව චර්නොබ්ලි අත්පත් කර ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව සහ යුක්‍රේනය අතර දරුණු සටන්, රුසියාව චර්නොබ්ලි අත්පත් කර ගනී

රුසියාව විසින් පැති තුනකින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පියවර ගැනීමත් සමඟම දෙපාර්ශවය අතර බිහිසුණු සටන් ඇවිලෙමින් තිබෙනවා. රුසියන් හමුදාව යුක්‍රේනයේ චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට ඊයේ දිනයේ දී ප්‍රහාරයන් එල්ල කලා.

දරුණු සටනකින් අනතුරුව රුසියාව චර්නොබ්ලි න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය අල්ලාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම සටනින් න්‍යෂ්ටික බලාගාරයට කෙතරම් හානියක් සිදුවී ඇතිදැයි තොරතුරු අනාවරණය වී නැහැ. මෙම න්‍යෂ්ටික බලාගාරයට හානියක් සිදුවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලී බලපෑම යුක්රේනය, බෙලරුස් සහ සමස්ථ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේ. 

පවතින ගැ‍ටුම්වලින් මේ වන විට යුක්‍රේන හමුදාව සහ සිවිල් වැසියන් 137 දෙනෙකු මියගොස් ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ. රුසියාව විසින් යුක්‍රේනයේ ගුවන් තො‍ටුපොළවල් ,හමුඳා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලකරමින් පවතිනවා. නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් හිදී රුසියානු සහ යුක්රේන හමුදා භට පිරිස් අතර මුහුණට මුහුණලා සටන් ඇවිලී ගොස් තිබෙනවා. එහිදී රුසියන් යුද ටැංකි ඇතුළු බර වාහන ‍රැසක් විනාශ කිරීමට යුක්‍රේන භට පිරිස් සමත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාරයන් එල්ල කරන යුක්‍රේනය රුසියාවේ හෙලිකොප්ටර් යානා 05ක් සහ ප්‍රහාරක ජෙට් යානා 06ක් විනාශ කර ඇති බවයි පැවසෙන්නේ. එසේම මේ වන විට රුසියන් හමුදා භටයින් 50කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවල සඳහන්. එසේම රුසියානු හමුදා භටයින් දෙදෙනෙකු සිය භාරයට ගැනීමට යුක්‍රේන භට පිරිස් සමත්ව තිබෙනවා.

මේ වන විටත් රුසියන් ප්‍රහාරක ජෙට් යානා සහ හෙලිකොප්ටර් යානා යුක්‍රේන අහසේ පියාසර කරමින් සිටිනු දක්නට ලැබෙනවා. රුසියන් හමුදාව යුක්‍රේනයේ ගුවන් හම්ඩුහා කඳවුර ද සිය භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu