gossiplanka alexa රුසියාවට එරෙහිව ඇමරිකාව නැගී සිටී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවට එරෙහිව ඇමරිකාව නැගී සිටී

රුසියාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් දියත් කිරීමේ වැදගත්කම ඇමරිකා ආරක්ෂක අංශ විසින් එරට ජනාධිපති ජෝ බයිඩ්න් වෙත පැහැදිලි කිරීමක් කර තිබෙනවා. එමඟින් රුසියාවේ යුද ශක්තිය අඩපණ කල හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

මෙම සයුබර් ප්‍රහාරය මඟින් යුක්‍රේනයේ සටන් වදින රුසියන් හමුදා භට පිරිස් වෙත අවශ්‍ය අතිරේක පහසුකම්, භට පිරිස් ප්‍රමාද කරවීමේ හැකියාව ඇති බවයි එහිදී බලධාරීන් සඳහන් කර තිබෙන්නේ. මෙම සයිබර් ප්‍රහාරය එල්ල කිරීමේ මුලික මර්මස්ථාන ලෙස ඔවුන් හඳුන්වා දී ඇත්තේ රුසියාවේ දුම්රිය සේවය ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රය, විදුලිබල පද්ධතිය ආදියයි.

මෙම යෝජනාවට මෙතෙක් ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසන් නියෝගය හිමිව නැති බවයි විදෙස් මාධ්‍ය වාර්ත කරන්නේ. 

මේ අතර ඇමරිකාව තවත් හමුදා භටයින් 7000ක ප්‍රමාණයක් ජර්මනියට යැවීමට පියවර ගෙන තිබෙනවා. එසේම නේටෝ සන්ධානයේ කොටසක් වන එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන පැරණි සෝවියට් සමූහාණ්ඩුව වන බෝල්ටික් කලාපයේ අමරිකානු හමුදා 800ක පිරිසක් ස්ථානගත කර තිබෙනවා. 

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ලොව නන් දෙසින් විරෝධතා එල්ලවන අතර තුර රුසියන් වැසියන් ද ජනාධිපති පුටින්ගේ තීරණයට එරෙහිව විරෝධතා පවත්වා තිබෙනවා. එහිදී විරෝධතා ව්‍යාපාර දියත් කල පුද්ගලයින් සහ වාර්තාකරුවන් 1000කට අධික සංඛ්‍යාවක් රුසියන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu