gossiplanka alexa ගර්භණී හෙදියන් කොවිඩ් නිසා අවදානමේ, දරුවන් ද ඉතා අවදානම් තත්ත්වයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගර්භණී හෙදියන් කොවිඩ් නිසා අවදානමේ, දරුවන් ද ඉතා අවදානම් තත්ත්වයක

ගර්භණී හෙදියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට ගර්භණී හෙදියන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. 

ගර්භණී හෙදියන් සේවයට කැඳවීම ඉතා අවධානම් බැවින් සියළුම හෙදියන් සේවයට නොකැඳවා යම් සහනයක් ලබා දෙන ලෙස කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනී වාසනා ලියනගේ මහත්මිය  මාධ්‍ය හමුවකට එක්වෙමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට දරුවන් 50කට වැඩි පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ. දරුවන්ට මෙම රෝගය පැතිරීම වැඩි වීම හේතුවෙන් සංකීර්ණ සංකූලතා අවස්ථා ඇති වීමේ අවදානම වැඩි බවයි ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසන්නේ. 

නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගිය පුවතක් ද ඊයේ වාර්තා වුණා. ඇය පසුගිය 28 වන දින පාසැල අවසන් වී නිවසට පැමිණෙන අතරතුර දැඩි ලෙස රෝගාතුර වීම නිසා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා. දැරියගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඇයව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කළ අතර එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබුණා. දැරිය රෝහල්ගත කරන අවස්ථාවේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණය මඟින් ඇය කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu