gossiplanka alexa "එක රටක් - එක නීතියක්" වැඩපිළිවෙලට විශ්ව විද්‍යාලවලින් අදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"එක රටක් - එක නීතියක්" වැඩපිළිවෙලට විශ්ව විද්‍යාලවලින් අදහස්

 “එක රටක් - එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වුණා. කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථයන් මීට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ  සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කාර්ය සාධන බලාකය ස්ථාපනය කරනු ලැබුවා. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් සහ යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් වූ අතර කාර්ය සාධක බලකායේ අදහස් විමසීමේ රැස්වීම් මාලාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි බව එහි සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ප්‍රකාශ කරනවා.

සරු පසට - සරු පොළවට සභ්‍යත්වයට - ශිෂ්ටාචාරයට, සංස්කෘතියට ගරු කළ නිදහස් රටක් එදා අපට උරුම විය.  අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඒ රට, සියලුදෙනා එක්ව නැවත ඉල්ලා සිටිය යුතු බව උන්වහන්සේ සඳහන් කළා.

මහපොළවේ ඇති ගැටලු ඇති සැටියෙන් හඳුනාගෙන විසඳුම් දීමේ නව ප්‍රවේශයක් ලෙස කාර්ය සාධක බලකාය ඉදිරියට යන බවත්, හොඳ අරමුණු පොත්වල ලියා තැබීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපකිරීම් කළ යුතු බවත් සඳහන් කළ  උන්වහන්සේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය පිළිබඳ අදහස පරාජය කිරීමේ වගකීම තවමත් අප අතර තිබෙන බව ද කියා සිටියහ.  ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් සමග උඩුගම්බලා පිහිනීමට තම කණ්ඩායම සූදානම් බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියා.

විදේශීය නීති අතරට ස්වදේශීකබවක් එක් කිරීම ජාතික  අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතු බවත් එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය කියා සිටියා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මැජික් ලියවිල්ලක් නොව මූලික නීති සංකල්ප අන්තර්ගතයක් බවත් ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව එකම නීතියක ආධිපත්‍යයක් සහිත රටක් ගොඩනැගීම අවශ්‍ය බවත් ඇය අවධාරණය කර සිටියා. 

විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමකි. කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව ද එතුමිය අවධාරණය කළ අතර එක රටක් - එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපරිම සහාය ලබා දෙන බව  ද ඇය පවසාඅ සිටියා. 

කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ ද විශාල උනන්දුවක් දක්නට ලැබුණා. යාවත්කාලීන වන ලෝකය හමුවේ නීතිය ද යාවත්කාලීන විය යුතු බව පෙන්වා දුන් ඔවුන් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මෙම බලකාය මගින්  යෝජනා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දකියා සිටියා. 

“එක රටක් - එක නීතියක්” සඳහා  යන ගමනේ දී නීති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් සිසුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියා. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමත් ධර්මරත්න, රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර, රජරට විශ්වවිද්‍යාලයේ පරිසර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේ.එම්. එස්.බී. ජයසුන්දර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික පීඨයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්.ඒ.එම්. ෆවුසර්, වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසංක පල්ලේගෙදර, වව්නියාව විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ගයාන් බණ්ඩාර, කථිකාචාරිනී සලීකා ෆාරුක්, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සම්පත් පුංචිහේවා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි, මහාචාර්ය සර්වේශ්ස්වරන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හලීම් අලිබකර්, යාපනය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාර්ය ෂාරණ්‍යා සමිත්තම්බි, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. නවරත්න බණ්ඩා යන මහත්ම මහත්මීහු  මෙහිදී අදහස් දැක්වූ අතර ZOOM තාක්ෂණය ඔස්සේ ද ආචාර්ය මහාචාර්යවරු සහ ශිෂ්‍යයෝ අදහස් දක්වනු ලැබුවා. 

එක රටක්- එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක  බලකාය  මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආවරණය කරමින් අදහස් හා යෝජනා ලබාගනිමින් සිටිනවා. තවද කාර්ය සාධක බලකාය අමතා වේලාව වෙන් කර ගත් විවිධ සංවිධාන හා ඒවායේ නියෝජිතයන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කාර්යාලයට පැමිණ අදහස් දැක්වීම් සිදු කරනු ලැබුවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu