gossiplanka alexa රුසියන් ආක්‍රමණයට එරෙහිව නේටෝ සිය ප්‍රතිචාරය දක්වයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියන් ආක්‍රමණයට එරෙහිව නේටෝ සිය ප්‍රතිචාරය දක්වයි

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව ප්‍රථම වතාවට නේටෝ සංවිධානය විසින් සිය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ආරක්ෂක පියවරක් ලෙස තම "හදිසි ප්‍රතිචාර බලකාය" සක්‍රීය කිරීමට ඔවුන් පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම බලකාය සක්‍රීය කිරීමෙන් අදහස් කරන්නේ නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු නොවන යුක්‍රේනයට අමෙරිකානු හෝ නේටෝ හමුදාව පිටත් කර හැරීමක් නොවන බව එම සංවිධානය පවසනවා. මෙම හදිසි ප්‍රතිචාර බලකාය නේටෝ සන්ධානයට සහය දැක්වීම සඳහා ඉක්මනින් යෙදවිය හැකි මිත්‍ර පාක්ෂිකයින්ගෙන් ගොඩබිම, ගුවන, මුහුද සහ විශේෂ මෙහෙයුම් බලකායන්ගෙන් සමන්විතයි.

මේ අතර නේටෝ සංවිධානයට අයත් නැගෙනහිර යුරෝපයේ රටවල් වෙත සිය භට පිරිස් පිටත් කර යැවීමට අමෙරිකාව කටයුතු කර තිබුණා. නේටෝ සංවිධානය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට දැනුම් දී ඇත්තේ වහාම සටන් නවතා යුක්රේන පාලන ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙසයි. පවතින ගැටළු විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කල යුතු බව ඔවුන් රුසියාවට දැනුම් දී තිබෙනවා. 

මේ වන විට යුරෝපා සංගමය විසින් රුසියන් ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා වන සර්ජි ලැව්රොව් සිය සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව යුරෝපා සංගමයේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් වූ තුන්වන රාජ්‍ය නායකයා රුසියන් ජනාධිපතිවරයායි. මීට පෙර සිරියාවේ ජනාධිපති අසාද් සහ බෙලාරුසියානු ජනාධිපති ලුකෂෙන්කෝ යුරෝපා සංගමය විසින් සිය සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා. 

අමෙරිකාව ද ඉදිරි පැය කිහිපයේ දී රුසියන් ජනාධිපතිවරයා සහ ඔහුගේ ඉහළ පෙළේ රාජ්‍ය නායකයින්ට සම්බාධක පැනවීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu