gossiplanka alexa රුසියාව තාප බෝම්බ දියත් කිරීමේ සැලසුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව තාප බෝම්බ දියත් කිරීමේ සැලසුමක්

රුසියන් ආක්‍රමණයට එරෙහිව යුක්‍රේන හමුදා ගෙන යන දැවැන්ත ප්‍රති ප්‍රහාර නිසා රුසියාව න්‍යෂ්ටික නොවන "සියළු බෝම්බවල පියා" ලෙස හැඳින්වෙන තාප බෝම්බ (Thermobaric) භාවිතා කිරීමට ඉඩකඩ පවතින බව බටහිර නිලධාරීන් අනතුරුඅඟවනවා. රුසියාව අපේක්ෂා නොකල අයුරින් යුක්‍රේනය තම ප්‍රතිප්‍රහාර දියත් කරමින් සිටීම ඊට ආසන්නම හේතුව වනවා. 

තාප බෝම්බ මෙතෙක් නිපදවා ඇති බලවත්ම න්‍යෂ්ටික නොවන අවි අතර වනවා. එක්සත් ජනපදය විසින් 2007 වසරේ දී ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය වෙත හෙළන ලද තාප බෝම්බයක බර රාත්තල් 21,600ක් පමණ වූවා. එය බිම සිට අඩි හයක් ඉහළින් පුපුරා ගොස් තිබූ අතර ඉන් මීටර් 300ක (අඩි 1000) කට වඩා පළල ආවාටයක් ඇති වී තිබුණා. 

මේ වන විට රුසියන් භට පිරිස් යුක්‍රේනයේ කිව් අගනුවරට තදාසන්න ප්‍රදේශවලට ළඟා වී ඇති අතර බර අවි වැඩි ප්‍රමාණයක් අගනුවර සිට කිලෝමීටර් 50කට වඩා දුරින් තබා ඇතැයි විශ්වාස කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu