gossiplanka alexa ඉන්දියාවේ ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවේ ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි

භාරතීය ගීත කෝකිලාවිය ලෙස ප්‍රකට ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 92 වියේ පසු වූවා. 

ලතා මංගේෂ්කාර් මහත්මිය කොවිඩ් 19 වෛරසය ආසාදිතව රෝහල් ගත වී සිටි අතර ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

1929 සැප්තැම්බර් මස 28 වන දින ඉන්දෝර් ප්‍රදේශයේ උපත ලැබූ ලතා මංගේෂ්කාර්ගේ මුල් නම වූයේ හේමා හාර්දිකාර් ය. ඇය ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්‍රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය යන නම් වලින්ද විරුදාවලි ලැබ තිබෙනවා. 1942 වසරේ සිට ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසින්ද සංගීත අධ්‍යක්ෂකවරියක් ලෙසින්ද නිෂ්පාදකවරියක් ලෙසින්ද කටයුතු කර තිබෙනවා. 

ඇය ජාතික චිත්‍රපට සම්මාන, බීඑෆ්ජේඒ සම්මාන, හොඳම පසුබිම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය, ෆිල්ම්ෆෙයාර් විශේෂ සම්මාන, ෆිල්ම්ෆෙයාර් ජීවිතකාල කාර්ය සිද්ධි සම්මානය ආදී සම්මාන ද පද්ම භූෂන් (1969), ඩාඩාසහේබ් පාල්කේ සම්මානය (1989), පද්ම විභූෂන් (1999) භාරත් රත්න (2001), ලීජන් ඔෆ් ඔනර් (2007) යන ගරු සම්මානවලින්ද පිදුම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu