gossiplanka alexa සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට සුභ ආරංචියක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට සුභ ආරංචියක්

2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල  අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.

2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී  සිටි සිසුන් අතරින් අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා සුදුසුකම් නොලද සංඛ්‍යාව 98000 ක් පමණ වනවා.  එයින්, ගණිතය විෂයය අසමත් නමුත් පසුව සමත් වීමේ පදනම මත අ.පො.ස. (උ.පෙළ) සඳහා පෙනී සිටින සිසුන් හැර ඉතිරි පිරිස ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි පැවසෙන්නේ.

අ.පො.ස. (උ.පෙළ) සඳහා සුදුසුකම් නොලද සිසුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා, හැකියා හා රුචිකත්වය අනුව වෘත්තීය පුහුණු දීමට අපේක්ෂා කරනවා.  

එමෙන්ම අවශ්‍යතාව අනුව ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව වෙත ද යොමු කරනු ලැබෙනු ඇති.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu