gossiplanka alexa රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳව අළුත්ම තත්ත්වය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය පිළිබඳව අළුත්ම තත්ත්වය

රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්‍රේන දේශ සීමාව අසල බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ සැරිසරන බවට දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරනය වෙමින් පවතිනවා. මෙසේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා යුක්‍රේන දේශ සීමා අසල සැරිසැරීම රුසියානු ආක්‍රමණය පිළිබඳව භීතිය තවත් වැඩි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිදු අදහසක් නැති බව රුසියාව දිගින් දිගටම පවසා සිටින නමුත් ඔවුන් කල් මරමින් සිටින්නේ අනපේක්ෂිත මොහොතක යුක්‍රේනයට කඩා වැදීමට බව ඇමරිකාව පවසවා. 2014 වසරේ දී රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා ද ප්‍රහාරයන් ආරම්භ කරන අවස්ථාවේ දී ද ඔවුන් මෙවැනි ආකාරයෙන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කිරීමක් සිදු කල බව විශ්ලේෂකයින් පවසනවා. 

මේ අතර ලිතුවේනියාවෙන් යුක්‍රේනයට ස්ටිංගර් ගුවන් යානා නාශක මිසයිල පද්ධති සහ ඒ සඳහා යොදනු ලබන පතරොම් තොගයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ මීට පෙර ද ඇමරිකා එක්සත් ජනපදයෙන් පතරොම් ටොන් 180ක් ‍රැගත් ගුවන් යානා දෙකක් යුක්‍රේනයට පැමිණි බවයි. මේ වන විට අවස්ථා 17ක දී පතරොම් ටොන් 1500කට ආසන්න ප්‍රමාණයක් ගුවන් මගින් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර සිටිනවා. 

යුක්‍රේනය මේ වන විට සිය මිත්‍ර පාක්ෂිකයන්ගේ සහාය ඇතිව තම සන්නද්ධ ශක්තිය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරගෙන සිටින බව එරට හමුදා නිලධාරීන් පවසනවා. විශේෂයෙන් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය යුද්ධ ටැංකි නාශක පද්ධති සහ තුර්කි ඩ්‍රෝන යානාවලින් තම හමුදාව පොහොසත් වී ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා. 

තත්ත්වය මෙසේ තිබියදී යුක්‍රේනය රුසියාවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ තම දේශසීමාවේ යුද ආතතිය උත්සන්න කරමින් පැවතීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම රට සහ ප්‍රධාන යුරෝපීය රටවල ආරක්ෂාව භාර කණ්ඩායමක සාමාජිකයින් සමඟ ‍රැස්වීමක් පැය 48ක් තුළ පවත්වන ලෙසයි. වත්මන් අවිනිශ්චිතභාවය තුරන් කරනු පිණිස රුසියාවේ ඊළඟ පියවර පිළිබඳ සැලසුම් එහිදී විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කරන ලෙස යුක්‍රේනය ඉල්ලා තිබෙනවා. 

ජර්මන් චාන්සලර්වරයා ද යුක්‍රේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින අතර ඔහු අද දින යේ දී රුසියානු ජනාධිපතිවරයා හමුවීමට මොස්කව් වෙත යෑමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ යුරෝපයේ සාමය සහතික කිරීම සඳහා මාර්ගයක් සොයා ගත හැකි ආකාරයක් ගැන සොයා බැලීම බව ඔහු පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu