gossiplanka alexa සීඝ්‍රයෙන් පැතිරෙන 'ලාසා වෛරසයෙන්' බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සීඝ්‍රයෙන් පැතිරෙන 'ලාසා වෛරසයෙන්' බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මරුට

ලොව මේ වන විට බොහොමයක් වෛරස් ප්‍රභේද පැතිරයමින් තිබෙනවා. එසේ පැතිරයන ප්‍රභේදයන්ට අළුතින්ම එකතුවන මාරාන්තික වෛරසය වන්නේ 'ලාසා වෛරසයයි'. බටහිර අප්‍රිකාවේ මේ වන විට ලාසා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. 

නවතම තොරතුරු වාර්තා වන පරිදි ලාසා වෛරසයට ගොඳුරු වූ බ්‍රිතාන්‍ය වැසියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා අප්‍රිකාවේ සංචාරයක නිරත වී නැවත බ්‍රිතාන්‍යයට පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට මේ වන විට ලාසා වෛසරය ආසාදනය වී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලාසා උණ වර්ගීකරණය කරන්නේ ලාසා වෛරසය නිසා ඇති වන දරුණු වෛරස් රක්තපාත රෝගයකක් ලෙසයි. ආසාදිත මීයන්ගේ මුත්‍රා මගින් ආහාර අපවිත්‍ර වීමත් සමඟ මෙම රෝගය ඇතිවනවා. ආසාදිත පුද්ගලයා සමඟ සම්බන්ධ වීමෙන් රෝගය පැතිර යා හැකි අතර එය වඩාත් දරුණු විය හැකියි. 

රෝගය ව්‍යාප්තවන ක්‍රම ලෙස

1. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරය සමඟ සෘජුව සම්බන්ධ වීම.

2. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරය ගෘහාශ්‍රිත භාණ්ඩවල සහ ආහාර වල මිශ්‍ර වීමෙන්.

3. ආසාදිත මීයන්ගේ මුත්‍රා, අසූචි, කෙළ හෝ රුධිරයෙන් අපවිත්‍ර වූ ආහාර ගැනීම.

4. ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරය, මුත්‍රා, අසූචි, වමනය සහ අනෙකුත් ශරීර තරල සමඟ සම්බන්ධ වීමෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීම යන කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

බටහිර අප්‍රිකාවේ වෙසෙන Natal Multimammate මීයන් හරහා මෙම වෛරසය ව්‍යාප්ත වනවා.  නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ 1969 දී සුදු මිෂනාරි කාන්තාවක් අසනීප වීමෙන් පසුව මෙම රෝගය ප්‍රථම වරට සොයා ගන්නා ලද බවයි පැවසෙන්නේ. නයිජීරියාව, නයිජර්, ගානාව, ගිනියාව, ලයිබීරියාව, සියෙරා ලියොන්, මාලි, ටෝගෝ සහ කැමරූන් හි උතුරු කොටස ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල ලාසා උණ රෝගය ආවේණික වනවා.

ඉකුත් සති දෙකක කාලය තුළ මෙම වෛරස් රෝගය නයිජීරියාව ඇතුළු බටහිර අප්‍රිකානු කලාපයේ රටවල් තුල සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ වන විට Natal Multimammate මීයන් ඇතුළු අනෙකුත් මීයන් ද මෙම වෛරස් රෝගයේ වාහකයින් ලෙස විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. ලාසා වෛරසය ආසාදනය වන රෝගීන්ගෙන් 10-15%ත් අතර ප්‍රමානයක් මරණයට පත් වීමේ සම්භාවිතාවක් තිබෙන බව විශේෂඥයින් තොරතුරු අනාවරණය කර සිටිනවා. 

උණ, හිසරදය, උගුරේ අමාරුව, සාමාන්‍ය ශරීර දුර්වලතාවය, කැස්ස, ඔක්කාරය, වමනය, පාචනය, මාංශ පේශි වේදනාව, පපුවේ වේදනාව ලාසා රෝගයේ රෝග ලක්ෂණ වනවා. එසේම මෙම රෝගය ඉතා දරුණු වූ අවස්ථාවක දී කන්, ඇස්, නාසය, මුඛය සහ අනෙකුත් ශරීර විවරවලින් පැහැදිලි කළ නොහැකි රුධිර වහනයක් සිදු විය හැකියි. 

වෛරය ආසාදනයෙන් දින 6ත් 21ත් අතර කාලයක දී රෝග ලක්ෂණ මතුවන අතර රෝගය කලින් හඳුනාගැනීමෙන් සහ එයට ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගයෙන් මරණයට පත් වීමේ සම්භාවිතාව අඩු කර ගත හැකි වනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu