gossiplanka alexa කතරගම බුත්තල මාර්ගයේ අලි මදිවට කොටි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කතරගම බුත්තල මාර්ගයේ අලි මදිවට කොටි

බුත්තල- කතරගම මාර්ගයේ දිවාකාලයේ දී අලින් 06 දෙනෙකු සහ එක් ඇතෙකු ගැවසෙන අතර ඔවුන් එම මාර්ගයේ ගමන් කරන රථවාහනවලින් අහාර ලබා ගැනීමේ පුරුද්දක් මේ වන විට ඇති වී තිබෙනවා. ඔවුන් එම මාර්ගයේ ගමන් කරන වාහන නවතා බලහත්කාරයෙන් කෑම ලබා ගන්නා අතර ඇතැම් වාහනවලට පහර දෙමින් අලාභ හානි ද සිදු කිරීම මේ වන විට වැඩි වෙමින් පවතිනවා. 

මෙම ගැටළුව තවත් උග්‍ර කරමින් රාත්‍රි කාලයේ දී එම මාර්ගයේ දිවියන් දෙදෙනෙකු ද සැරිසරන බව නවතම ආරංචි මාර්ග පවසනවා. ගල්ගේ නැමති ප්‍රදේශය ආසන්නයේ සිටින මෙම දිවියන් මාර්ගයේ යන එන වාහනවලට කඩා පනිමින් වාහනවලට යෑමට නොහැකි වන සේ මාර්ගයේ ඇවිදයමින් සිටින බවයි වාර්තා වන්නේ. මාර්ගයේ ගමන් කරන යතුරුපැදි කරුවන්ට ද මෙම දිවියන් දෙදෙනා පැන තිබෙන බවයි පැවසෙන්නේ. 

ඇතැම් මාළු විකුණන පාපැදිකරුවන් ඉතුරුවන මාළු මහ වනයට මුදා හැරීම මුල් කර ගනිමින් දිවියන් මෙසේ මිනිස් වාසයට පැමිණීමට පුරුදු වී සිටින බවයි තොරතුරු අනාවරණය වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu