gossiplanka alexa දෙමව්පියන්ගේ දේව විශ්වාසය නිසා මෙලොව හැරගිය දරුවා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමව්පියන්ගේ දේව විශ්වාසය නිසා මෙලොව හැරගිය දරුවා

බඩල්ගම පොලිස් වසමට අයත් කටාන, ආඬිමුල්ල නිවසක පදිංචිව සිටි 10 හැවිරිදි දරුවෙක් දෙමව්පියන්ගේ අනුවණ ක්‍රියාකලාපයන් නිසා ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමු දී තිබෙනවා. මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළී සිට ඇති අතර ඔහු පසුගිය 07 වන දින නිවසේ කාමරයක් තුල දීම මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. 

දරුවාට 7 වන දින උගුරේ සෙම හිරවීමක් සිදු වී තිබෙනවා. දරුවාගේ දෙමව්පියන් දරුවා රෝහලට ‍රැගෙන යාම වෙනුවට කර ඇත්තේ ඔහුව සුව කර ගැනීම සඳහා දෙවියන් ඉදිරියේ නොකඩවා යාඥා කිරීමයි. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවා මිය ගිය ද ප්‍රාණය නැවත ලබා ගැනීම සඳහා ඔහුගේ දෙමව්පියන් සහ මිත්තණිය දෙවියන් ඉදිරියේ යළි යළිත් නොකඩවා යාඥා කිරීම සිදු කර තිබෙනවා. 

දින දෙකකට පසු ප්‍රදේශය පුරා හමා ගිය දුර්ගන්ධයක් හේතුවෙන් අසල්වැසියෙකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පසුගිය 09 වන දින දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවස විමර්ශනය කිරීමේ දී කාමරයේ ඇඳක් මත මියගොස් සිටි දරුවාගේ සිරුර සොයා ගැනීමට හැකිවී ඇති බවයි සඳහන් වන්නේ. 

මලීස දුලක්ෂණ නැමති මෙම 10 හැවිරිදි දරුවා පසුගිය දා පැවති ශිෂ්‍යත්ව විභාගයට ද ඉදිරිපත්ව ඇති බව පොලිසීය පවසනවා. 

බඩල්ගම පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu