gossiplanka alexa හැකර්වරුන් රුසියාවේ විද්‍යුත් මාධ්‍ය පාලනට ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හැකර්වරුන් රුසියාවේ විද්‍යුත් මාධ්‍ය පාලනට ගනී

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජාත්‍යන්තර නිර්නායක හැකර් සාමුහිකත්වය (International hacking collective Anonymous) නම් ලොව ප්‍රසිද්ධ හැකර් කණ්ඩායම රුසියන් වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කලා. ඒ අනුව රුසියාවේ සියළුම විද්‍යුත් මාධ්‍යවල පාලනය තමන් වෙත නතු කර ගැනිමට එම හැකර් කණ්ඩායම සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මේ නිසා එරට රාජ්‍ය මාධ්‍ය එකවර බිඳ වැ‍ටුණු අතර පැයකට පමණ පසු නැවතත් යථා තත්ත්වයට පත්වන විට ඒවායේ පාලනය රාජ්‍ය බලධාරීන්හට අහිමි වී ගොස් තිබුණා. රුසියානු මාධ්‍ය තාවකාලිකව අත්පත් කරගත් මෙම හැකර්වරුන් ඒවා හරහා යුක්‍රේනයේ දේශාභිමානි ගීත විකාශය වීමට සලස්වා තිබෙනවා. 

හැකර්වරුන් පවසා ඇත්තේ එරට මාධ්‍ය හරහා රුසියන් ජනපති පුටින් විසින් යුක්‍රේනය තුල සිදු කරමින් සිටින විනාශය පිළිබඳව සැබෑ තතු රුසියානු රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාවට අනාවරණය කරන බවයි. සත්‍ය තොරතුරු ජනතාවට ලබා දීම රුසියන් ජනාධිපතිවරයා වාරණය කර තිබෙන බැවින් එය ව්‍යර්ථ කිරීම තම අරමුණ බව ඔවුන් පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu