gossiplanka alexa ලංකාව අද ගෙවන්න යන 2012 දී ගත් ණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාව අද ගෙවන්න යන 2012 දී ගත් ණය

2012 වසරේ ලබාගත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කල් පිරීම වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදලේ කොටසක් වන ඩොලර් මිලියන 500ක මුදලක් අද (18) ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට නියමිතව තිබෙනවා. එම ණය ගෙවා දැමීමට ලංකාව සූදානම් බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසන්නේ. 

ඉන්ධන, කිරිපිටි මෙන්ම අත්‍යාවශ්‍ය ආහාර පවා ගෙන්වීමට නොහැකිව විදෙස් සංචිත පිළිබඳව ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති මෙවන් කාලයක ඩොලර් මිලියන 500ක ණයක් ගෙවීම ශ්‍රී ලංකාව තවත් ආර්ථික අර්බුදයකට ලක් කිරීමක් බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. ඔවුන් පවසා සිටින්නේ මෙම ණය මුදල ගෙවීම කල් දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම වඩා යෝග්‍ය බවයි. 

2012 වසරේ දී ස්වෛරීත්ව බැදුම්කර හරහා ලබා ගත් ණය මුදල අනුව මෙම වසරේදී ගෙවීමට ඇති මුළු ණය මුදල වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක්. ඉන් වැඩිම ණය මුදල පියවීමට ඇත්තේ ලබන ජූලි 25 වන දිනයි. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයක්. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3කට අධික බව පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu