gossiplanka alexa රජ රහස් - "කංසා ප්‍රචලිත කරන්නේ ඇයි"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජ රහස් - "කංසා ප්‍රචලිත කරන්නේ ඇයි"




ජනපති අභයරාමයට    

අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දිනය පසුගියදා යෙදී තිබුණා.ඒ වෙනුවෙන්  අභයරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවතුණා.මේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයින් ද එක්ව සිටියා .  මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ද එක්ව සිටි අතර රජ රහස් වෙත වාර්තා වන්නේ එහිදී භික්ෂූන් වහන්සේ ඇගෙන්  කංසා ප්‍රචලිත කිරීමට වෑයම් කරන්නේ මන්ද යනුවෙන් ප්‍රශ්න කර ඇති බවයි. එයට පිළිතුරු ලබාදෙමින් ඇය කියා සිටියේ කන්සා වගා කිරීම තුළින් අති විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවයි.   ඉන්දියාව ඒ සඳහා දැනටමත් අත ගසා ඇති බව ද ඇය භික්ෂූන් වහන්සේ වෙත පෙන්වා දුන්නා .                       

අගමැතිට සැත්කමක් 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා සැත්කමක් සිදුකළ බවට රජ රහස් වෙත  කරුණු අනාවරණය වනවා.පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම සිදුකර තිබෙනවා.ඒ සඳහා විදේශයක සිට විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණ ඇති බවටයි  කරුණු අනාවරණය වන්නේ. ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් පසුගියදා මාධ්‍යවේදීන් විමසා සිටිය දී ඔහු කියා සිටියේ සිය පියා සහ මව මෙන්ම තමන්ද  පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලට ගිය බවයි .හැබැයි සැත්කමක් සිදුකර නෑ කියලා තමයි ඔහු කියන්නේ.නමුත් සැත්කමක් සිදු වී ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වෙනවා.   

ජනපති වෙන්න කෝට් මහන අයියලාට සජිත්ගෙන් අභියෝගයක්           

ජනාධිපති වෙන්න මේ වනවිට කීප දෙනෙකු උත්සාහ කරමින් සිටින බව  සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.දඹුල්ලේ ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඇතැමුන් මේ වන විට තමන් ජනාධිපති වීමෙන් අනතුරුව අඳින ඇඳුම ද මසා අවසන් කර ඇති බවයි. එහෙත් ඔවුන්ට ජනතාවට සේවය කිරීම සඳහා වැඩපිළිවෙළක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා .තමා මෙන් ජනතාව වෙත කැප වී සේවය කිරීමට එම අපේක්ෂකයින්ට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.එසේ හැකියාවක් පවතින්නේ නම් තමන් සමඟ තරගයකට පැමිණෙන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂයේ ජනාධිපති  අපේක්ෂකයින්ට අභියෝග කරනු ලබනවා . අපි බලමු  මෙම අභියෝගය භාර ගැනීමට විපක්ෂයේ සෙසු ජනාධිපති අපේක්ෂකයින් සූදානම් දැයි කියා.          

දෙමළ ඩයස්පෝරාවේ සහය  අනුර කුමාරට ද                 

ඉදිරි ජනාධිපතිවරණයකදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා  ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ නම් ඔහුට දමිළ ඩයස්පෝරාවේ සහයෝගය ලබාදිය යුතු බවට යෝජනාවක් ඇමෙරිකාවේ දී සම්මත වී ඇති බවට රජ රහස් වෙත  කරුණු අනාවරණය වනවා. යුරෝපයේ සිටින දෙමළ ප්‍රජාවේ නියෝජිතයින්  මෙම යෝජනාව සම්මත කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ. දමිළ සිරකරුවන් නිදහස් කළ යුතු බවට අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල  ප්‍රධාන වේදිකාවේ පවසන්නේ මේ  හේතුවෙන් බවටයි කරුණු අනාවරණය වන්නේ . කෙසේ වෙතත් දමිළ ඩයස්පෝරාවේ දෙවන තේරීම බවට පත්ව ඇත්තේ පාඨලී චම්පික රණවක මහතායි . රනිල් වික්‍රමසිංහ වෙත ඔවුන්ගේ අප්‍රසාදය පළ වී ඇති බවට කරුණු අනාවරණය වෙනවා.ඒ යහපාලන ආණ්ඩුව  පිහිටුවා ගැනීමට තමන්ට වූ පොරොන්දු  ඉටු නොකිරීම හේතුවෙන්.                        

විමල්  වාසු ගම්මන්පිල ගේ තියරියේ වෙනසක් . 

වාසුදේව නානායක්කාර මහතා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රී කණ්ඩායම  පසුගිය දා හදිසියේ රැස්ව තිබෙනවා .සුසිල් ප්‍රේමජයන්ත් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මොවුන් රැස් ව ඇත්තේ පළමු වතාවටයි.ආණ්ඩුව විවේචනය කලොත් තමන්ටද ආණ්ඩුවෙන් එළියට බැසීමට සිදුවෙතැයි  බියෙන් ඔවුන් වෙනස් ක්‍රියාමාර්ගයක් මේ වෙන ට අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා .ඒ ආණ්ඩුව විවේචනය කරනවා වෙනුවට ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට වූ යෝජනා ඉදිරිපත් කිරීමටයි 

ඔයාගේ එක්කනා ලෝකෙන්ම 4 වෙනියා     

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අපූරු ප්‍රකාශයක් සිදුකර තිබෙනවා .හැබැයි ඒ ප්‍රකාශය සිදු කරලා නම් තියෙන්නේ පාර්ලිමේන්තුවේ සෝපානය  තුළදී . මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති තුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සෝපානය තුළ ගමන් කරමින් සිටියදී එකවරම මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රෑ මට  ඔයාව මතක් උනා ලොහාන් කියාය . ඒ මොකද සර් ඒ කියලා රත්වත්තේ අහල තියෙනවා .එතකොට තමයි මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා  තියෙන්නේ ඔයාගේ එක්කනා ලෝකයම හතරවෙනි ලු නේද කියලා .ලොහාන් රත්වත්තේ ත් මෙහිදී නිකන් ඉදල නෑ සර් රූපසුන්දරිය ගැන ගොඩක් උනන්දුයි නේද  කියලා අහල කියලයි රජ රහස් වෙත  වාර්තා වන්නේ. 

රජ රහස් තුළින් ලබන සතියේ අපි යලි හමුවෙමු . 

මාධ්‍යවේදී අරුණ රත්නායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu