gossiplanka alexa ජනාධිපතිතුමා හදිසි හමුවක් කැඳවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිතුමා හදිසි හමුවක් කැඳවයි

ඉදිරි කාලය වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන හතරක් ‍රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් හදිසි හමුවක් කැඳවා ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබා දෙන අතර ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් බිලියන හතරක අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. 

එම කැඳවීමට මහ බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව, මුදල් හා බලශක්ති අමාත්‍යාංශ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) යන ආයතනවල ඉහළ නිලධාරීන් සහභාගී වී ඇති බවයි පැවසෙන්නේ. 

මෙම ‍රැස්වීම පැවැත්වී ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කල ඉල්ලීමක් පදනම් කරගෙන බව සඳහන්. ඔවුන් ඉල්ලා ඇත්තේ ප්‍රවාහන හා විදුලිබල යන අංශ දෙකටම අඛණ්ඩ ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රථමයෙන් මුදල් ලබා දෙන ලෙසයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu