gossiplanka alexa දිවයින පුරා විශාල විදුලි කප්පාදුවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දිවයින පුරා විශාල විදුලි කප්පාදුවක් ?

ඉදිරියේ දී දිවයිනේ විශාල විදුලි කප්පාදුවක් ඇති විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) අනතුරු අඟවනවා. ඊට හේතු ලෙස එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීමයි. 

පානීය කටයුතු, කෘෂිකර්මාන්තය සහ පාරිසරික අරමුණු සඳහා ජලය මූලික වශයෙන් කළමණාකරණය කිරීම නිසා විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා කර තිබෙනවා. එසේම නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම සහ අනුමත විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය නිසා විදුලිය බිඳවැටීම්වලදී විකල්ප බලාගාර රට තුල නොමැති වී තිබෙනවා. 

මේ නිසා ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීමෙන් දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් එයට සූදානම් වන ලෙසත් ලංකා විදුලි සේවක සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැනට ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බව ත් දැවි තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසනවා. 

ඒ අනුව දින තුනකට පසුව විදුලිය විසන්ධිකර ඉල්ලුම අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති. එසේ නොකලහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීමට නොහැකිවන බවයි සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu