gossiplanka alexa විදුලි කප්පාදු කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදුලි කප්පාදු කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

ජන ජීවිතයට බාධාවක් නො වන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කර සිටිනවා.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැඟී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්රයේ ප්රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැඟී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත ව ඇති බව නිලධාරීන් එහිදී පෙන්වා දෙනු ලැබුවා.  

ශ්රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්රමාණවත් වන බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ත් නිලධාරීන් පවසනවා.

පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්යවරු සඳහන් කළා. 

අමාත්ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්ය අමාත්ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්රධානීහු මෙම අවස්ථාවට එක් ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu