gossiplanka alexa ගීතයට හිස්තැනක් ඉතිරිකරමින් දිවි ගමනින් සමුගත් නීලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගීතයට හිස්තැනක් ඉතිරිකරමින් දිවි ගමනින් සමුගත් නීලා

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විය ඇය 71 වන වියේ පසු වූවා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් නීලා වික්‍රසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝ නුවර දී අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. රන් ටිකිරි සිනා, වියෝ ගී ගැයෙනා හදේ , මාස්ටර් සර් වැනි ඉතා ජනප්‍රිය ගීත රාශියක් ඇය ගායනා කර තිබෙනවා. 

1950 මාර්තු 30 වන දින වත්තල උපන් නීලා දොන් ප්‍රැන්සිස් වික්‍රමසිංහ සහ විතානආරච්චිගේ දොන් යසවතී ගුණසේකරගේ බාල දියණියයි. ඇය පෝලියෝ රෝගයට ගොඳුරුවන්නේ වයස අවුරුදු හයේදීය. මුල් අධ්‍යාපනය කිරිමැටියාගාර විද්‍යාලයෙන් හැදෑරූ නීලා 1954 දී කැස්බෑව රජයේ පෞද්ගලික පාසලකට ඇතුළත් කරනු ලැබුවා. එහිදී සංගීතයට අත් පොත් තැබු නීලා පසුව මාම්පේ ශ්‍රී සෝභිත විද්‍යාලයට අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණා. 

විශාරද වින්සන්ට් සෝමපාල සහ ආනන්ද ජයසිංහයන් යටතේ නීලා සංගීතය හදාරනු ලැබුවා. ඇය ඇය 1959 දී එවකට ගුවන්විදුලි සිලෝන් ආයතනයට සිය පළමු ගීතය ගායනා කළේ 'ආධුනික හඬ' වැඩසටහනක් සඳහාය. 1967 දී ඇය සිය පළමු ගීතය රේඩියෝ සිලෝන් සමඟ පටිගත කිරීමේ භාග්‍යය ලැබුවා. ඩෝල්ටන් අල්විස් ශූරීන් විසින් රචනා කරන ලද මෙම ගීතය ලයනල් අල්ගමයන්ගේ සංගීතයෙන් හැඬවූවා. 

1973 දී ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පර්යේෂණ අංශයේ ගැයූ ගීතවල කුසලතාව මත A- ශ්‍රේණියේ කලාකාරිනියක් ලෙස තේරී පත් වුණා. උතුරු ඉන්දීය සම්භාව්‍ය සංගීතය හැදෑරීමෙන් පසු ඇය 1974 දී සංගීත් විශාරද උපාධිය ලබා ගත්තා. පසුව ඇය සංගීත ගුරුවරියක වීමට තීරණය කල අතර පාසැල් කිහිපයකම ඉගැන්වීම් කටයුතුවල නිරත වූවා. වසර 23ක දීර්ඝ කාලයක් තිස්සේ සේවයේ නිරත වූ නීලා 1998 දී ගුරු වෘත්තීයෙන් විශ්‍රාම යාමට තීරණය කලා. ඇය දරුණු උදර පිළිකාවකින් පීඩා විඳි නමුත් එයින් දිවි ගලවා ගැනීමට ඇයට හැකි වුණා. 

නීලා වික්‍රමසිංහයන් චිත්‍රපට 67ක පමන පසුබිම් ගායනය සඳහා දායක වී ඇති අතර ගීත සිය ගණනක් පාහේ සිය කටහඬින් වර්ණවත් කරනු ලැබුවා. ඇය 2002 වර්ෂයේ දී නමින් පුණ්‍යායතනයක් ආරම්භ කරන ලද්දේ කලා ක්ෂේත්‍රයට ජීවිත කාලය පුරාවටම දායක වූ දරුවන්, වැඩිහිටියන්, කලාකරුවන් පොෂණය කිරීම සඳහායි. ඇය එම සංවිධානයේ සභාපතිනිය වූවාය.  

2012 වර්ෂයේ දී නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවියට 45 වසරක් පිරීම නිමිත්තෙන් "මාස්ටර් සර්" නමින් ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් ආරම්භ කලා. 

ඇය 1989 දී පෝලියෝ රෝගය අප රටෙන් තුරන් කර දරුවන් බේරා ගැනීමේ යුනිසෙෆ් ව්‍යාපෘතියට සහභාගි වුණා. ඇය මෙහි ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රචනා කල ගීතයක් ගායනා කළ අතර එය ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා තුල ඉතා ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. මෙම ව්‍යාපාරය ඔස්සේ පෝලියෝ රෝගය මෙරටින් තුරන් කිරීමට හැකි වූ අතර 2000 වර්ෂය වන විට මෙරටින් එකඳු පෝලියෝ රෝගියෙකු වාර්තා වූයේ නැහැ. 

නීලා වික්‍රමසිංහයන් 1984, 1986 සහ 1992 වර්ෂයන් වලදී හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාව සඳහා වූ සරසවි සම්මානය ලබා ගෙන ඇති අතර 1996 දී සංක්‍රාන්ති සමට ටෙලි නාට්‍යයේ පසුබිම් ගායනය වෙනුවෙන් සුමති සම්මානය ද හිමි කර ගත්තා. ඊට අමතරව ඇය Zonta සම්මානය සහ වනිතා සම්මානය ද හිමිකර ගෙන තිබෙනවා. 

නීලා වික්‍රමසිංහ විශිෂ්ඨ කලාකාරිණියනි, ඔබට සුභ ගමන් !!!
neela wikramasingha

neela wikramasingha
neela wikramasingha





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu