gossiplanka alexa කුසල් මෙන්ඩිස් නැවතත් ජාතික කණ්ඩායමට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුසල් මෙන්ඩිස් නැවතත් ජාතික කණ්ඩායමට ?

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. 

කුසල් මෙන්ඩිස්ට අමතරව දිනේෂ් චන්දිමාල්, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ද සංචිතයට එක් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතයට එක්ව සිටි අවිශ්ක ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ ක්‍රීඩකයින්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙනුවට චන්දිමාල් සහ කුසල්ට අවස්ථාව උදා වී තිබෙනවා. එසේම ළහිරු කුමාර සහ කළණ පෙරේරා වෙනුවට අසිත සහ විශ්ව කණ්ඩායමට කැඳවන බවයි සඳහන් වන්නේ. 

පසුගිය වසරේ එංගලන්ත සංචාරයක දී ජෛව ආරක්ෂන බුබුළ කඩ කිරීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකුට තරඟ තහනමක් පනවා තිබූ අතර එම තහනම ඉවත් කිරීමෙන් පසු කුසල් මෙන්ඩිස් ජාතික කණ්ඩායමට ඇතුළත්වන පළමු අවස්ථාව මෙය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu