gossiplanka alexa 2022 වර්ෂයේ දී රජය මහජනතාවට ලබා දෙන ආර්ථික සහන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 වර්ෂයේ දී රජය මහජනතාවට ලබා දෙන ආර්ථික සහන

2022 වර්ෂය සඳහා මහජනතාවට ආර්ථික සහන ලබා දීමට රජය කටයුතු කරනවා. ඒ අනුව පහත සහන ලබා දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

  • රජයේ සේවකයන්ට සහ විශ්‍රමිකයින්ට රුපියල් 5,000/- බැගින් වූ මාසික දීමනාවක් ජනවාරී සිට ලබා දීම
  • පෞද්ගලික අංශයේ සේවායෝජකයින් සමඟ සාකච්ඡා කර  එම සහනය පෞද්ගලික අංශයේ සේවකයින්ටද ලබා දීමට පියවර ගැනීම
  • රුපියල් 3,500/-ක මාසික දීමනාවක් හිමි සමෘද්ධිලාභීන්ට රුපියල් 1000/-ක අමතර දීමනාවක් ලබා දීම සහ එම දීමනාව අනෙකුත් සමෘද්ධිලාභීන්ට ද ලබා දීම
  • ඉදිරි කන්නයේදී වී අස්වැන්නෙහි යම් අඩුවක් සිදුවුව හොත් දැනට වී කි.ග්‍රෑ. 1කට ගෙවනු ලබන රු. 50ක සහතික මිලට අමතරව වී කි.ග්‍රෑ. 1කට රු.25 ක අතිරේක මුදලක් ගෙවීම
  • වෙළඳපොළේ සහල් මිලට බලපෑමක් නොවන පරිදි එලෙස ගෙවනු ලබන අතිරේක මුදල රජය විසින් දරා ගැනීම
  • පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු,පළතුරු වගා කිරීම දිරිමත් කිරීමේ ගෙවතු වගා වැඩසටහනක් 
  • භූමිය සකස් කිරීම, බීජ ලබා ගැනීම වැනි යෙදවුම් සඳහා ඉඩමේ ප්‍රමාණය අනුව උපරිමය අක්කරය දක්වා රුපියල් 10,000/- ක උපරිමයකට යටත්ව දිරිගැන්වීමේ දීමනාවක් ලබා දීම
  • වතු කම්කරු පවුලක් සඳහා කි.ග්‍රෑ. 1ක් රුපියල් 80/- බැගින් තිරිඟු පිටි කි.ග්‍රෑ.15ක් සහන මිලකට ලබා දීම
  • අවශ්‍ය අවස්ථාවන්වලදි දේශිය ගොවීන් හා නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට පියවර ගනිමින් සියලුම අත්‍යවශ්‍ය ආහාර හා බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu