gossiplanka alexa සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කළේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කළේ ඇයි ?

ජනාධිපතිවරයාට ඇති බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ සුසිල් ප්‍රේමජනත මහතා ඔහුගේ ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. 

ධූරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමජනත මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතුව පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි. ධූරයෙන් ඉවත් කලත් ඉන්පසු තමන් සිය වෘත්තීය වන නීතිඥ වෘත්තියේ නියැලෙන බවත් ධූරයෙන් ඉවත් කිරීම තමන්ට ආශිර්වාදයක් බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. 

හදිසියේම මෙසේ සුසිල් ප්‍රේමජයන්ත මහතා ධූරයෙන් ඉවත් කිරීමට හේතුව විනය පිළිබඳ සහ සහෝදර කැබිනට් මණ්ඩලය විවේචනය කිරීම යන කරුණු විය හැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. රජය, රජයේ වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති විවේචනය කර තිබීම නිසා සුසිල් ප්‍රේමජයන්ත මහතා එසේ ධූරයෙන් ඉවත් කර ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. 

2022 අවුරුද්දේ එක ඇමති කෙනෙක් අස් කිරීමෙන් පමණක් සිදුවන සිදුවීම් වළක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත් ආණ්ඩුව නිවැරදි වී හරි දේ කිරීමට පටන් ගෙන ජනතාවගේ ප්‍රශ්න දුක් වේදනා හඳුනාගත්තොත් පමණක් පිපිරීම වළක්වා ගත හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu