gossiplanka alexa හිටපු බන්ධනාගාර කොමසාරිසවරයාට මරණ දඬුවම නියම කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු බන්ධනාගාර කොමසාරිසවරයාට මරණ දඬුවම නියම කෙරේ

2012  වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ ‍රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්  එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරුණා. 

ඒ අනුව, කළු තුෂාරා යන රැඳවියාව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට එමිල් රංජන් ළමාහේවා, හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කලා. නමුත් පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීවට එරෙහිව ගොනු කර ඇති චෝදනා කිසිවක් ඔප්පුකර ගැනීමට නොහැකි වී ඇති නිසා ඔහු මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 

බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරලිකාර තත්ත්වයක් හමුවේ එහි රඳවා සිටි බරපතල වැරදි සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ ‍රැඳවියන් 27 දෙනෙකු මරණයට පත් වුණා.  ඉන් පුද්ගල මරණ 8ක් සමබන්ධයෙන් පමණක් සාක්ෂි එකතුකරගැනීමට ගැනීමට හැකි වූ අතර එම මරණ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය් නඩුවක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව වසර 10කට අධික කාලයක් පුරා පැවති නඩු විභාගයේ අවසන් තීන්දුව අද එලෙසින් ප්‍රකාශ කෙරුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu