gossiplanka alexa කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරු ඝාතන තැතේ සුලමුල

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරු ඝාතන තැතේ සුලමුල

පානදුර කේතුමතී රෝහලේ  ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් හතරදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා.  ඝාතකයින්  පානදුර, හිරණ මාර්ගයේ ස්වර්ණජෝති මාවතේ නිවසක තාවකාලිකව දවක් හතරක් නැවතී සිට ඇති අතර මේ වන විට ඔවුන් එම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් වයෝවෘද්ධ කාන්තාවක් පමණක් එම නිවසේ ඇති බවත් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. 

එසේම තොරතුරු අනාවරණය කර ගෙන ඇති පරිදි ඝාතනයට හේතුව වී ඇත්තේ 2021 පෙබරවාරි 27 වන දින හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී ප්‍රවාහනය කරමින් තිබියදී යුද හමුදාව විසින් අත් අඩංගුවට ගත් රුපියල් කෝටි 45ක් වටිනා හෙරොයින් මත්කුඩු තොගය සම්බන්ධයෙන් සැකකරු පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ඔත්තුව ලබා දීමය. මෙසේ ඔත්තුව ලබා දීම ගැන ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර සලිදු නැමැත්තාට දැනගැනීමට ලැබීමෙන් පසු එයට පළිගැනීමක් වශයෙන් ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ගිලන් රථ රියදුරා ද මීට වසර කිහිපයකට ඉහතදී රෝගීන් ප්‍රවාහනය කරන මුවාවෙන් ගිලන් රථයෙන් හෙරොයින් සහ මත් කුඩු ප්‍රවාහනය කර ඇති බවටත් එමඟින් උපයා ගත් මුදලින් රියදුරු අත දිගහැර වියදම් කර කාන්තාවන් කිහිපදෙනෙකු සමඟම සබඳතා පවත්වමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවටත් තොරතුරු හෙළි වී තිබෙනවා. 

ගිලන් රථ රියදුරාගේ ඝාතනය සැලසුම් කල පානදුර සලිදු නැමැත්තා විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් ඔවුන්ගේ ජාවාරම් සම්බන්ධයෙන් ඔත්තු ලබා දුන් පුද්ගලයෙකු මීට පෙර ද ඝාතනය කර ඇති බවත් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. එසේම තවත් ඔත්තුවක් ලබා දුන් පුද්ගලයෙකු වල්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කපා දමා තිබෙනවා. එම අපරාධවලට වගකිවයුතු කිසිවෙක් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී නැහැ. 

ගිලන් රථ රියදුරා පසුගිය 27 වන දින දහවල් ගැබිණි කාන්තාවක් පරීක්ෂණයක් සඳහා කේතුමතී රෝහලේ සිට පානදුර මූලික රෝහල්වෙත ‍රැගෙන විත් රෝහල් භූමියට ගිලන් රථය ඇතුළු කරනවාත් සමඟම යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරාට වෙඩි තබා තිබෙනවා. එහිදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රියදුරාට කිසිදු තුවාලයක් හෝ සිදු වී නැහැ. 

දිවි බේරුණු ගිලන් රථ රියදුරාට මරණ තර්ජන ඇතිවීම හේතුවෙන් ඔහු බොහෝ කාලයක් ඈත ප්‍රදේශවල රාජකාරී කටයුතුවල නිරත වී ඇති අතර මීට මාස දෙකකට පමණ පෙර ඔහු කේතුමතී කාන්තා රෝහල වෙත සේවය සඳහා පැමිණ ඇති ඇති බවයි පැවසෙන්නේ. ඔහු සමඟ රාජකාරී කිරීමට බහුතර සේවක සේවිකාවන් දැඩි අකමැත්තක් දක්වා ඇත්තේ ඔහුගේ ක්‍රියාකලාපය මෙන්ම ඔහුට ජීවිත තර්ජන ද එල්ල වී තිබීම නිසාවෙන්. 

මෙම රියදුරා තවදුරටත් මෙම රෝහලේ සේවය සඳහා යොදවා ගැනීම නිසා රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ද ජීවිතවලට තර්ජනයක් විය හැකි බැවින් ඔහුට වහා ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පානදුර කේතුමතී රෝහලේ රෝහල් වෛද්‍ය අධිකාරිවරයා ලිඛිතව ඉල්ලා තිබෙනවා. ඒ අනුව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් එම ලිඛිත ඉල්ලීම නිර්දේශ කර අනුමැතිය සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu