gossiplanka alexa ශ්‍රී පාදය වන්දනාකරන බැතිමතුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී පාදය වන්දනාකරන බැතිමතුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මෙවර ශ්‍රී පාද වන්දනා සමය දෙසැම්බර් මස 18 වන දිනට යෙදෙන උඳුවප් පොහොයත් සමඟම ආරම්භ වනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී පාදය වන්දනාකරන බැතිමතුන් විසින් අනුගමනය කල යුතු රෙගුලාසි මාලාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශකර තිබෙනවා. 

ඒ අනුව, සියළුම බැතිමතුන් කොරෝනා වෛරසයට එරෙහිව ලබා ගත් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා සිටිය යුතු අතර එය සනාථ කිරීම සඳහා අදාළ කාඩ්පත ළඟ තබා ගත යුතු වනවා. එ

සේම සියළුම වන්දනාකරුවන් තාවකාලික නවාතැන් පහසුකම් ලබා නොගත යුතු අතර ඒ සඳහා කිසිවෙකුත් පහසුකම් සැලසීම නොකළ යුතු වනවා. ලිහිණිහෙල පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඩියමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන ස්ථානවල පිහිටි තනායම් සහ ලැගුම්හල් වන්දනාකරුවන්ට භාවිතා කල හැකිවනවා. 

බලයලත් නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව කිසිදු වෙළඳසැලක් පවත්වාගෙන යාමට අවසර හිමිවන්නේ නැහැ. අවට ප්‍රදේශවල සිඟමන් යැදීම ද තහනම් වනවා. 

සියළුම වන්දනාකරුවන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර සමාජ දුරස්ථභාවය ද පවත්වාගත යුතු වනවා. වන්දනාකරුවන්ට ශ්‍රී පාද මළුව තුළ නවාතැන් ගැනීම තහනම් වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu