gossiplanka alexa රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසේ වෙනසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයසේ වෙනසක්

රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් 2013 වසරේ ජනවාරි 15 වනදා රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය  අවලංගු කරමින් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සංශෝධනයන්  සිදු කර තිබෙනවා. ඒ අනුව 2022 විසර්ජන පනතේ විධිවිධාන හා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශ මත රාජය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වයස අවුරුදු 32 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

මින් පෙර රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවයේ නියුතු සේවකයින් විශ්‍රාම යාමේ වයස ලෙස දැක්වූනේ අවුර්දු 57යි. නව විධිවිධාන අනුව ඕනෑම නිලධාරියෙකු 57 ඉක්මවා සේවය කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අවුරුදු 62ක් දක්වා සේවය කල හැකි වනවා. 

කෙසේ වෙතත් වයස අවුරුදු 57 සහ 62 කාලය තුළ යම් සේවකයෙකුට විශ්‍රාම යාමට අවශ්‍යනම් පත්වීම් බලධාරියා වෙත මාස 3ක පූර්ව දැනුම්දීමකින් අනතුරුව විශ්‍රාම ගත හැකියි. කාර්යක්‍ෂමතාවය හා කාර්යය සාධනය සතුටුදායක නොවන නිලධාරියෙකුට වයස අවුරුදු 57 න් ඔබ්බට සේවා දීර්ඝ කිරීමක් ලබා නොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන අවස්ථාවක දී නම්  අදාළ නිලධාරියාට එම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසෙන ආකාරයෙන් මාස 6 ක පූර්ව දැනුම්දීමකින් පසුව විශ්‍රාම ගැන්වීමේ බලය පත්වීම් බලධාරියා සතු වනවා. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා මෙම නිවේදනය සිදු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu