ලිට්‍රො ගෑස් සමාගමේ නීතිඥවරයා මෙම එකඟතාව ඊයේ (15) පළ කර ඇත්තේ එම සමාගමට එරෙහිව ගොනු කල පෙත්සමක් අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු ගෑස්වල සංයුතිය පිළිබඳව නියමිත අගයක් මේ වනතුරුත් නියම කර නොමැති නිසා තිබිය යුතු සංයුතිය පිළිබඳව නිගමනයකට එළඹීමට සාකච්ඡාවක් ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් මේ මස 20 වන දින පැවැත්වීමට නියමිත බව නීතිඥවරයා පවසා සිටියා.
එසේම ගෑස් පුරවනු ලබන සිලින්ඩරය පැවතිය යුතු තත්ත්වය පිළිබඳව පමණක් නියමිත ප්‍රමිතියක් ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති බවද නීතිඥවරයා වැඩි දුරටත් පවසා සිටියා.
සියළු කරුණු අඩංගු කර දිවුරුම් ප්‍රකාශයක් අද (16) දිනයේ දී ඉදිරිපත් කරන ලෙස විනිශ්චය මණ්ඩලය මෙහිදී නියෝග කර තිබෙනවා.

