gossiplanka alexa මහනුවර අතුරුදන් වූ සිසුවිය ගැන පෙම්වතාගෙන් පාපොච්චාරණයක්, කළු පාලම අසල සෝදිසි කිරීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහනුවර අතුරුදන් වූ සිසුවිය ගැන පෙම්වතාගෙන් පාපොච්චාරණයක්, කළු පාලම අසල සෝදිසි කිරීමක්

හනුවර නගරයේ බාලිකා විදුහලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් පසුගිය 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින්  පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කලා. 

එ අනුව ඇයගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කලා. 

එහිදී එම තරුණයා පොලීසියට පාපොච්චාරණයක් සිදු කරමින් පවසා ඇත්තේ මෙම සිසුවිය පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන්න බවත් බියට පත් නිසා තමන් ඒ ගැන කිසිවෙකුටවත් නොපවසා නිවසටම වී සිටි බවත් ය. 

ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව පොලිස් ජීවිතාරක්ෂක අංශය විසින් නිලධාරීන් කණ්ඩායමක් යොදවා අදාළ ප්‍රදේශයේ මහවැලි ගඟේ පරීක්ෂා කර ඇතත් ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වී නැහැ. 

තැන්නෙකුඹුර පදිංචි 15 හැවිරිදි මෙම සිසුවිය පසුගිය 09 වන දින සවස 2.30ට පමණ ඇයගේ පියා විසින් බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෝටර් රථයෙන් පාසැලට කැඳවාගෙන විත් තිබෙනවා. ඇය මෝටර් රථයෙන් බැස පාසලට ඇරලවන අයුරු සහ පියා පිටව යනවාත් සමඟම ඇය පාසලෙන් පිටතට පැමිණෙන අයුරුත් සීසීටීවී කැමරා දර්ශනවල සටහන්ව ඇති බව පොලීසිය පවසනවා. 

තරුණයා ලබා දුන් ප්‍රකාශය අනුව ඇය එසේ පාසැලෙන් පිටතට පැමිණ ඔහුව හමුවීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාබදව පිහිටි කළු පාලම අසලට පැමිණ තිබෙනවා. එහිදී ඔහුගේ දුරකතනයේ වෙනත් තරුණියකට යවන ලද කෙටි පණිවුඩ කිහිපයක් දැක ඇය පාලමෙන් ගඟට පැන්න බව තරුණයාගේ ප්‍රකාශයේ සඳහන්. 

අධිකරණයට ඉදිරිපත් කළ තරුණයා අද (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර පේරාදෙණිය පොලීසිය විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. 

ආශ්‍රිත : මවුබිම




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu