gossiplanka alexa බ්‍රිතාන්‍යය නැවතත් කොවිඩ් අවදානමක - ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිරෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බ්‍රිතාන්‍යය නැවතත් කොවිඩ් අවදානමක - ඔමික්‍රෝන් සීඝ්‍රයෙන් පැතිරෙයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610ක්. මෙයින් බොහෝ පිරිසක් ඔමික්‍රොන් ආසාදිතයින් බවයි හඳුනාගෙන ඇත්තේ. 

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟම බ්‍රිතාන්‍යයේ මෙලෙස කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. මින් පෙර වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණේ 68,053ක් ලෙසින්, ඒ පසුගිය ජනවාරි 08 වන දිනයි. ඒ වනවිටත් බ්‍රිතාන්‍ය අගුළු දැමීමකට ලක් කර තිබුණත් කොවිඩ් රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන ඊයේ දිනය වන විට එලෙස අගුළු දැමීමක් බ්‍රිතාන්‍යයේ සිදු කර නැහැ. නත්තල් උත්සව සමයත් සමඟ ජනතාව සුපුරුදු ජීවන රටාවට අනුගත වෙමින් ක්‍රියා කරන නිසා මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් උග්‍ර වනු ඇති බවයි එරට සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ. 

මේ වන විට එරට කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතවන සංඛ්‍යාවද වැඩි වෙමින් පවතිනවා. බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ නත්තල් උත්සවය අභියස සිටින බ්‍රිතාන්‍ය වැසියන් සෞඛ්‍ය උපදෙස් සඳහා වැඩි අවධානයක් ලබාදිය යුතු බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu