gossiplanka alexa කෑම කඩවලින් කෙටි කෑම (Short Eats) කන්නට පෙර දෙපාරක් සිතන්න කරුණක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෑම කඩවලින් කෙටි කෑම (Short Eats) කන්නට පෙර දෙපාරක් සිතන්න කරුණක්

කූට ව්‍යාපාරිකයින් පිරිසක් දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු විදේශ රටවලින් ඉතා සූක්ෂම ලෙස තැ‍රැව්කරුවන් හරහා මෙරටට ගෙනවිත් දිවයින පුරා ඇති අවන්හල්වලට සහ භෝජනාගාරවලට අඩු මුදලකට කෙටි ආහාර නිෂ්පාදනයට විකිණීමේ  ජාවාරමක් පිළිබඳව දඹුල්ල නගරාධිපතිරයා හෙළිකරගෙන තිබෙනවා. ඒ පිළිබඳව නගරාධිපතිවරයා විසින් විෂයභාර ඇමතිවරයාට සහ රේගු අධ්‍යක්ෂකවරයාට ලිපියක් යොමු කරමින් පවසා ඇති අතර ඒ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාළන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මඟින් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන වෙත මෙම ලිඛිතව මෙම ලිපිය දඹුල්ල නගරාධිපතිවරයා විසින් යොමු කර තිබෙනවා.

මෙලෙස පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ළූනු කෙටි ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා නිසා සෞඛ්‍ය අතින් ජනතාව දැඩි අනතුරකට මුහුණ පා ඇති බවයි නගරාධිපතිවරයා ලිපියෙන් වැඩි දුරටත් දක්වා සිටින්නේ. 

මේවායේ තොග අලෙවිය දඹුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් රට පුරා බෙදා හැරීම සිදුවන බවද නගර සභාවක් ලෙස තමන්ට තනිව එය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ද ලිපියේ පෙන්වා දී තිබෙනවා. එසේම වරාය තුළින් නිදහස් කරනු ලබන ආහාර ද්‍රව්‍ය නිසි අධීක්ෂණයට නතු කිරීම, පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් සැකසීම, නීති විරෝධී ලෙස පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හරින්නන්ට විරුද්ධව කටයුතු කිරීමේ දී පවත්නා නීති ප්‍රතිපාදන දැඩි කිරීම ආදී කටයුතු සිදුවිය යුතු බව එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා. 

රේගු දෙපාර්තමේන්තුව පාරිභෝගික සේවා අධිකාරිය, සෞඛ්‍ය අංශ, පළාත් පාලන ආයතන ඒකාබහ්ධ විධිමත් යාන්ත්‍රණයක් සකසා රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කරන ලෙස නගරාධිපතිවරයා ඉල්ලා සිටිනවා. එසේම වරාය තුළින් නිදහස් කරනු ලබන නුසුදුසු ආහාර විනාශ කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්ම නොකිරීම නිසා විශාල වශයෙන් දඹුල්ල නගරයට දිනපතා කුණු වූ ලොකු ළූණු සහ අර්තාපල් ලැබෙන බවත් ඒවාට කිසිදු ලියවිල්ලක්  හෝ නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් බවත් මේවා රේගුවෙන් නිදහස් වූයේ කෙසේ ද යන්න හෝ සොයා ගැනීමට නොහැකි තත්ත්වයක පැවතීම නිසා නගර සභාව ද අපසුතාවයට පත්ව ඇති බවත් දඹුල්ල නගරාධිපතිවරයා ඇමති රෝහිත ගුණවර්ධනට යැවූ ලිපියේ සඳහන් වනවා. 

මෙම ලිපියේ පිටපත් පාරිභඔගික සේවා අධිකාරියට සහ වරාය අධිකාරියට ද යොමු කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu