gossiplanka alexa පකිස්තානුවන් ප්‍රියන්ත කුමාරව ඝාතනය කළේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්තානුවන් ප්‍රියන්ත කුමාරව ඝාතනය කළේ ඇයි ?

කිස්තානයේ දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයා එලෙස ඝාතනය කිරීමට හේතුව "දෙවියන්ට අපහාස කිරීම" නිසා බව ඔවුන් පවනවා. කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන මුහම්මද් බෂීර් නැමැත්තා බී.බී.සී පුවත් සේවයට වාර්තා කර තිබුණේ ප්‍රියන්ත කුමාර දෙවියන්ට අපහාස කර ඇති බවට කර්මාන්තශාලාව තුළ කටකතාවක් පැතිර ගොස් තිබූ බවයි. 

එම කටකතාව කර්මාන්තශාලාව තුළ ඉක්මණින් පැතිර ගිය බවත් ඉන්පසු කර්මාන්තශාලාවේ විශාල පිරිසක් එළියට ගොස් විරෝධය පළ කල බවත් ඔහු ප්‍රකාශ කරනවා. ඉන්පසු කර්මාන්තශාලාවට ඇතුළු වූ විශාල පිරිසක් ප්‍රියන්ත කුමාරට වධහිංසා පමුණුවා මරා දමා ඇති අතර ඔහුගේ සිරුරට ගිනි තබා තිබෙනවා. 

සිද්ධිය ඇසින් දු‍ටුවන් ප්‍රකාශ කරන්නේ බොහෝ වේලාවක් පැවති කර්මාන්තශාලා සේවකයින්ගේ විරෝධතාවයට අවට ප්‍රදේශවල ජනතාව ද විශාල වශයෙන් එක් වූ බවයි. 

මෙම ඝාතනය සිදුවන්නේ පකිස්තානයේ blasphemy නීතිය පවතින කාලයකදී යි. එම නීතිය යටතේ ආගමික විශ්වාසයන් හට අගෞරව කරන්නෙකුට දෙන දඬුවම් පිළිබඳව කියවෙනවා. බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ දී මෙම නීතිය අනුව වසර 5ක හෝ 3ක වැනි සිර දඬුවමක් ලබා දෙනු ලැබුවා. එම නීතිය 1980 දශකය තුළ දී සංශෝධය වුණා. ඒ අනුව සිය ආගමික නායකයින්ට අගෞරව කරන පුද්ගලයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දිය හැකි වුණා.  නමුත් ම්ලේච්ඡ ලෙස මිනිසුන් විසින් මෙලෙස පුද්ගලයෙකු ඝාතනය කිරීමට නීතියට පිටින් සිදු වූ දෙයක්. 

පකිස්තානය තුළ පෞද්ගලික පළිගැනීම්වලට ද මෙම නීතිය බහුල වශයෙන් භාවිතා කරන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනවා. මෙම නීතිය යැයි කියා පාමින් තමන්ට විරුද්ධව වැඩ කරන බොහෝ අයව නිහඬ කිරීමට ඇතැම් පුද්ගලයින් නීති අනිසි විදියට පාවිච්චි කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu