gossiplanka alexa විභාගයක් නැතුවම නීති විද්‍යාලයට, විශ්ව විද්‍යාලයට යන්න මන්ත්‍රීවරු අවසර ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විභාගයක් නැතුවම නීති විද්‍යාලයට, විශ්ව විද්‍යාලයට යන්න මන්ත්‍රීවරු අවසර ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලයට හෝ නීති විද්‍යාලයට ඇතුලු වීමට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලීමක් කරනවා. විභාගයකට පෙනී නොසිට මෙසේ විශ්ව විද්‍යාල සහ නීති විද්‍යාලවලට ඇතුල් වීමට අවසර ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ. 

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ අදහස්

"පාර්ලිමේන්තුවට එන්නේ මොකක් හරි හැකියාවක් තියන අය. හොඳ බුද්ධියක් තියන අය. නැත්නම් මෙතනට එන්න බැහැ. ඡන්දයක් දිනන එක අමාරුයි. පාර්ලිමේන්තුවේ අවුරුදු 4ක් 5ක් ඉන්නකොට කතා කලේ නැති වුණත් ආභාෂයෙන් යම් කිසි දැනුමක් ලැබෙනවා. ඉතිං මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුළ විශ්ව විද්‍යාලවලට හරි නීති විද්‍යාලවලට හරි ඇතුල් වෙන්න මාර්ගයක් සකස්කරන්න පුළුවන්. 

මෙය 1970 ගණනවල පවා වෙලා තියනවා. පාර්ලිමේන්තුවේ හිටිය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට විභාගයක් නැතුව නීති විද්‍යාලයට ඇතුල්වෙන්න අවස්ථාව ලබා දුන්නා. වර්තමානයේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් එම අවස්ථාව ලබා දෙන්න. නීති විද්‍යාලයට බැරිනම් තමන් කැමති විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන මට්ටම නංවන්න මෙම අවස්ථාව ලබා දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා"


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu