gossiplanka alexa ගෑස් සංයුතිය ගැන ලිට්‍රෝ ගෑස් ප්‍රධානීන්ගෙන් වැනෙන පිළිතුරු, තෙවන පාර්ශවයෙන් පරීක්ෂණ ඉල්ලයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෑස් සංයුතිය ගැන ලිට්‍රෝ ගෑස් ප්‍රධානීන්ගෙන් වැනෙන පිළිතුරු, තෙවන පාර්ශවයෙන් පරීක්ෂණ ඉල්ලයි

ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මෙරට පැන නැගී ඇති අර්බුතකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එයට සහභාගී වූ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ගෑස් සංයුතිය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් තම අදහස් දැක්වූවා. 

එම ප්‍රධානීහූ මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් තම සමාගමට මතයක් ප්‍රකාශ කල නොහැකි බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන බව ඔවුන් පැවසුවා. එසේම මෙරට ඇති ගෑස් සිලින්ඩර වල ගෑස් සංයුතිය සම්බන්ධයෙන් තෙවන පාර්ශවයකින් පරීක්ෂණයක් සිදු කල යුතු බවත් ඔවුන් පවසනවා. ඒ ශ්‍රී ලංකාව තුළ සිදු කළ පරීක්ෂණ දෙකකින් ප්‍රතිඵල දෙකක් ලැබී තිබීම බව ඔවුන් පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත් මෙම මාධ්‍ය හමුවේ දී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධානීහු අවධාරණය කර සිටියේ තම සමාගම ගෑස් සංයුතියේ වෙනසක් සිදුකර නොමැති බවයි. මේ වන විට වෙළඳපොලේ ඇති ගෑස් සිලින්ඩරවල සංයුතියේ වෙනසක් කර නොමැති බවයි ඔවුන් කියා සිටින්නේ. නමුත් ලීටර් 18 ගෑස් සිලින්ඩරය නිකුත් කල පසුගිය ජූලි මාසයේ දී ගෑස් සංයුතිය වෙනස් කල ද එම සිලින්ඩර මේ වන විට වෙළඳපොලේ නැති බව ලිට්‍රො ගෑස් සමාගම පවසනවා. වර්තමාන වෙළඳපොලේ තම සමාගමෙන් නිකුත්වන සිලින්ඩර වල ගෑස් සංයුතිය ලෙස ප්‍රොපේන් 30%ත් 40%ත් අතර අගයකද, බියුටෙන් 60%ත් 70%ත් අතර අගයකද පවතින බව සමාගම් ප්‍රධානීන් වැඩි දුරටත් පවසා සිටිනවා. 

ලිට්‍රො ගෑස් සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ඉන්ද්‍රසිරි විජේරත්න මහතා මීට පෙර මාධ්‍යවෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකයින්ට නිකුත් කල බවත් නව සභාපතිතුමා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජූලි 28 වනදායින් පසු එම ලීටර් 18 සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවත් ය.  අප්‍රේල් මස එම ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන විට එහි සංයුතිය 50%ට 50% තිබූ බව ඔහු පවසා තිබුණා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu