gossiplanka alexa ඉර ගැන සොයා යන යානය කොරෝනාවට ඇතුල් වෙයි - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉර ගැන සොයා යන යානය කොරෝනාවට ඇතුල් වෙයි - VIDEO

පාකර් සෝලර් ප්‍රෝබ් නැමති අභ්‍යවකාශ යානය සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබෙනවා. මිනිසා විසින් නිෂ්පාදිත යානයක් මෙලෙස සූර්යයාගේ වායු කලාපයට ඇතු වී තිබෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. 

මෙම යානය කොරෝනා නමින් හැඳින්වෙන සූර්යයාගේ ඉහළ වායුගෝල කලාපය හරහා පියාසර කර එහි ඇති චුම්භක ක්ෂේත්‍ර සාම්පල ලබා ගැනීමට කටයුතු සිදු කර තිබෙනවා. 

පාකර් සෝලර් ප්‍රෝබ් යානය අත් කර ගත් මෙම දැවැන්ත පියවර සූර්ය විද්‍යාවේ එක් යෝධ පිම්මක් ලෙස විද්‍යාඥයින් හඳුන්වනු ලබනවා. සඳ මතට පා තැබීමෙන් එය නිරීක්ෂණය කිරීමට මිනිසාට හැකි වූවා සේම සූර්යයා සෑදී ඇති ආකාරය පිළිබඳව මෙලෙස විශ්ලේෂණය කිරීමෙන් සෞරග්‍රහ මණ්ඩලයට සූර්යයාගෙන් ඇති බලපෑම සම්බන්ධයෙන් විවේචනාත්මක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ. 

සූර්යයාගෙන් නික්මෙන චුම්බක ක්ෂේත්‍ර හා අංශු පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කිරීම පාකර් සෝලර් ප්‍රෝබ් යානයේ අරමුණ වනවා. 

"මෙම සන්ධිස්ථානය අපගේ සූර්යයාගේ පරිණාමය සහ එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයට බලපාන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා පමණක් නොව, එම තාරකාව ගැන අප ඉගෙන ගන්නා සෑම දෙයක්ම විශ්වයේ සෙසු තාරකාවන් ගැන අපට තවත් උගන්වයි." යනුවෙන්වොෂින්ටනයේ නාසා මූලස්ථානයේ විද්‍යා මෙහෙවර අධ්‍යක්ෂ මණ්ඩලයේ සහකාර පරිපාලක Thomas Zurbuchen පවසනවා. 

ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වන ඉයුජීන් පාකර්ගේ නමින් නම් කරනු ලැබූ පාකර් යානය 2018 වසරේදි අභ්‍යාවකාශයට මුදා හැර තිබෙනවා. පාකර් සෝලර් ප්‍රෝබ් සූර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.8කට මෙපිටින් ගමන් කරමින් සිටින අතර එය බුධගේ කක්ෂය හරහාද ගමන් කරනු ඇති. මෙම යානය අඟල් 4.5ක් ඝනකමැති සුවිශේෂි කාබන් සංයුක්ත ආවරණයක් සහිතව නිර්මාණය කර තිබීම නිසා එය 1,377 ° C තරම්වු තාපයකට නිරාවරණය වීමෙන් පවා ආරක්ෂාවනවා. 

Parker Solar Probe

Parker Solar Probe

Parker Solar Probe

Parker Solar Probe

Parker Solar Probe

PHOTO : www.space.com

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu