gossiplanka alexa මුරුංගා කොළවලින් අවුරුද්දට ලක්ෂ 36ක් උපයාගන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුරුංගා කොළවලින් අවුරුද්දට ලක්ෂ 36ක් උපයාගන්න

මුරුංගා පත්‍රවල ඖෂධීය ගතිගුණ ලොව වටා ප්‍රසිද්ධ වී තිබෙනවා. අපනයන බෝගයක් වශයෙනුත් මෙරට ඇතැම් පුද්ගලයින් මුරුංගා වගාව සිදුකරනවා. අගුණකොළපැලැස්ස පර්යේෂණ ආයතනය විසින් ගොවියන්ට ගැළපෙන අයුරින් තක්ෂණික පැකේජයක් ද හඳුන්වා දී තිබෙනවා. 

මෙරට ගොවීන් වැඩි වශයෙන් වගා කරන්නේ PKM - 1 නම් ඉන්දියානු ප්‍රභේදයයි. දේශීය මුරුංගා වර්ග තුනක් සඳහා දැනට පර්යේෂණ සිදු කරමින් පවතිනවා. පේලි දෙකක් අතර මීටරයක් සහ පැල අතර අඩියක පරතරයක් සහිතව මුරුංගා පැළ කිරීම සුදුසුවනවා. සෘජුවම වගා භූමියෙහි ඇට පැළ කිරීම හෝ කුඩා කවරවල පැලකරගත් පැල මේ ආකාරයෙන් සි‍ටුවා ගන්න පුළුවන්. හෙක්ටයාරයකට බීජ කිලෝග්‍රෑම් 10ක් (ඇට 30,000)ක් අවශ්‍යවනවා. 

අඩියක් පළල සහ අඩියක් ගැඹුරු කානු කපා පස් : පොහොර මිශ්‍රණය 1:1 ගෙන එම කානු පුරවා ඉහත පරතරවලින් පැල සි‍ටුවිය යුතුයි. අපනයනය කරන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම කාබනික වීම අවශ්‍ය නැහැ. මීට සුදුසුම පොහොර වන්නේ කොම්පෝස්ට්ය. මාස දෙකකින් පොළොවේ සිට අඩි එක හමාරකට උඩින් ගස කපා දමා කොළ ලබා ගන්න පුළුවන්. කිනිති කිලෝව රුපියල් 30 ට අලෙවි වනවා. නැවත ඊළඟ අස්වැන්න සති හයකින් ලබා ගත හැකියි. ඒ වන විට මුරුංගා ගස අඩි 7ක් පමණ උස වන අතර රිකිලි තුනක් පමණ ලියලා තිබෙනවා. 

සති හයකින් රිකිලි තුනක් සහිත වන නිසා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වනවා. මේ ආකාරයට සෑම සති 6කට වරක්ම අස්වැන්න ගැනීම නිර්දේශිතයි. මේ සෑම අස්වැන්න නෙලීමකට පසුවම පසට කාබනික පොහොර ටොන් 15ක් පමණ එක් හෙක්ටයාරයක් සඳහා එක් කල යුතුයි. 

මුරුංගා කොළ කඩා තබා ගත නොහැකි බැවින් අලෙවි නියෝජිතයා පැමිණෙන වේලාව අනුව අස්වැන්න නෙලා ගැනීම වැදගත්. මෙම වගාවට ජල සම්පාදනය ඉතා අවශ්‍යවනවා. බිංදු ජල සම්පාදනයක් සාදා ගැනීමට හැකි නම් එය වඩා සුදුසු වනවා. 

මෙමඟින් හෙක්ටයාරයකට අවුරුද්දකට රුපියල් ලක්ෂ 36ක ආදායමක් ලබා ගත හැකි බව ගණන් බලා තිබෙනවා. 

වැඩි විස්තර සඳහා අගුණකොළපැලැස්ස ශාක අභිජනන ප්‍රධාන විද්‍යාඥ ඩී. වීරසේකර මහතා සමඟ සම්බන්ධ විය හැකියි. (0718082943)

ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu