gossiplanka alexa ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයත් සමඟම පන්ජාබයේ නීති වෙනස්වන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයත් සමඟම පන්ජාබයේ නීති වෙනස්වන ලකුණු

ගමික අන්තවාදීන් විසින් අමානුෂීය ලෙස ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා නීති සම්පාදනය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත සභාව තීරණය කර ඇති බව පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාර පර්වේයිස් එලාහි පවසනවා. මේ වන විටත් පංජාබ් ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස නව නීති යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා. 

පන්ජාබ් වැඩබලන ආණ්ඩුකාරවරයා මේ බව පවසා ඇත්තේ පන්ජාබයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල් යාසීන් ජෝයියා ඊයේ (08) දින ආණ්ඩුකාර මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ දීයි. ප්න්ජාබ් ප්‍රාන්ත සභාව මෙම සිද්ධිය දැඩි ලෙස හෙළා දකින බව පැවසූ වැඩබලන ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදි කරුවන්ට අධිකරණය හරහා උපරිම දඬුවම් ලබා දෙන ලෙස පාකිස්තාන මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිනවා. 

එසේම ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් පංජාබ් ප්‍රාන්ත ආණ්ඩුවෙන් මූල්‍ය වන්දියක් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු පවසා තිබෙනවා. 

මෙම හමුවේ දී ශ්‍රී ලංකා ගරු කොන්සල් ජනරාල්වරයා ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා පන්ජාබ් ආණ්ඩුකාරවරයා ලබාදුන් සහයෝගයට ස්තූතිය පුද කර සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu