gossiplanka alexa ලන්ඩනයෙන් පැමිණි කත මරා කිඹුලන්ට කන්න ඇළට විසිකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලන්ඩනයෙන් පැමිණි කත මරා කිඹුලන්ට කන්න ඇළට විසිකරයි

එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණි කාන්තාවක් ඝාතනය කර කිඹුලන් සිටින ඇළකට දැමූ පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කිලිනොච්චිය උදයනගර්, අම්බාල්කුලහි තාවකාලිකව පදිංචිව සිටි 67 හැවිරිදි පස් දරු මවක්. ඇය දරුවන් සමඟ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිව සිට ඇති අතර කිලිනොච්චියට පැමිණ ඇත්තේ ඔවුන්ට හිමි දේපළ බලාකියා ගැනීමටය. ඇයගේ ස්වාමිපුරුෂයා ගොවිතැනින් ජීවත්වන අයෙක්. 

පසුගිය 27 වන දිය ඇය නිවසින් අතුරුදහන්ව ඇති නිසා ඇයගේ ඥාතීන් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. පොලිස් නිලධාරීන් ඇයගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේ දී නිවසේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබී අතර ඇය ඝාතනය කර හෝ පහර දී ඇති බවට පොලිසීය සැක පල කලා. ඒ අනුව සිදු කල විමර්ශන වල දී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඇයගේ නිවස අසලම පදිංචි තරුණයෙකු සැක පිට අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා. එහිදී එම තරුණයා පවසා ඇත්තේ ඇති වූ ආරවුලක් මත ඇයව ඝාතනය කර ළිඳට දැමූ බවයි. නමුත් එම තරුණයා පැවසූ ළිඳ පරීක්ෂා කළ ද මළ සිරුරක් සොයා ගැනීමට හැකි වී නැහැ.

තරුණයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ කාන්තාව මරා දමා මළ සිරුර කිඹුලන් බහුලව දක්නට ලැබෙන කිලිනොච්චිය කන්දපුරම් හි ඇළ මාර්ගයට දැමූ බවයි. කාන්තාව මරා පෝර උරයක දමාගෙන යතුරුපැදියකින් ගෙන ගොස් නිවසේ සිට කිලෝමීටර් 18ක් පමණ දුරකින් වූ මෙම ඇළට දැමූ බව ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව සිදු කල සෝදිසි කිරීමේ දී කන්දපුරම් ඇළ මාර්ගයේ පාවෙමින් තිබූ මළ සිරුර සහිත පෝර උරය සොයා ගැනීමට පොලීසියට හැකි වුණා. 

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu