gossiplanka alexa වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වත්කම් අනුව මහ බැංකුව විසින් ගත් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වත්කම් අනුව මහ බැංකුව විසින් ගත් තීරණයක්

සියළුම බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු 2022 සිට වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. බැංකුවල වත්කම් පදනම මත ගාස්තු අය කරන කාණ්ඩය තීරණය කරන අතර ගාස්තු අය කරන ව්‍යුහය ද මහ බැංකුව විසින් සංශෝධනය කර ඇති බව සඳහන්. 

රුපියල් බිලියන දහස ඉක්මවූ වත්කම් පදනම රුපියල් බිලියන දෙදහස ඉක්මවූ වත්කම් පදනම ලෙස ඉහළ නංවා ඇති අතර එම කාණ්ඩයේ රුපියල් මිලියන 33ක්ව පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව 2022 වසරේ සිට රුපියල් මිලියන 38 දක්වා වැඩි කර තිබෙනවා. 

මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද (29) දිනයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 3.1 සීමාවට පැමිණි බවයි. එම සංචිත මේ වසර අවසාන වන තෙක් පවත්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu