gossiplanka alexa "දකුණු ආසියාවටම තෙල් දෙන්න අපිට පුළුවන්, මේවා බොරු මවාපෑම්"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"දකුණු ආසියාවටම තෙල් දෙන්න අපිට පුළුවන්, මේවා බොරු මවාපෑම්"

ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුව ඇත්තේ අනුන්ගේ පව් ගෙවීමට බවත් මෙවැනි රටවල් තිබෙන්නේ අප්‍රිකානු රටවල බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසනවා. 

ලබන ජනවාරියේ සිට නැවතත් තෙල් මිල ඉහළ යා හැකි බවටත් එසේ තෙල් මිල ඉහළ යන්නේ ඩොලර් අර්බුදය නිසා බවටත් මහාචාර්යවරයා පෙන්වා දී තිබෙනවා. 

"අපේ රටේ දැවැන්ත තෙල් ටැංකි 100ක් තියනවා. ඒවා මහා විශාලයි. ඒවයින් 98ක් ම හොඳ තත්ත්වයේ පවතිනවා. දකුණු ආසියාවටම ප්‍රවාහන කටයුතුවලට අවශ්‍ය තෙල් දෙන්න ඒ ටැංකිවලින් පුළුවන්. 

සුද්දා හැදුවේ ලංකාව ආසියාවේ තෙල් වෙළෙන්ඳා කරන්න. මේ තෙල් ටැංකි හැදුවේ භූමි කම්පාවලට, බෝම්බවලට එහෙම ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. එහෙම සිදුවීමක් වුණොත් පොළොව යටට යන ආකාරයේ තාක්ෂණයකින් යුක්තවයි ඒ තෙල් ටැංකි හැදුවේ. මීට අවුරුදු 15කට 16කට කලින් තෙල් පිරිපහදු තුළින් අපි ආදායමකුත් ලබලා තියනවා. දැන් හැමෝම කරන්නේ බොරු මවාපෑම් විතරයි.

ඒ වගේම තමයි මේ රටේ පාලකයන් කරන්නෙම ප්‍රතිලාභ අඩු වැඩ. මේවා විනාශ කරපු රටවල්. එකම වරාය කීප සැරයක් විවෘත කරනවා. ඒවාට උත්සව තියනවා. ඒ සල්ලි ඔක්කොම අදාළ ව්‍යාපෘතියට වෙන් කරන සල්ලි. තව කුලුනකුත් තියනවා. ඒකට නැගපු එකෙක් නෑ. වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ"

මහාචාර්යවරයා අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව එලෙස අදහස් දක්වා තිබුණා. 

ආශ්‍රිත : මව්බිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu