gossiplanka alexa "ඔමික්‍රෝන් වෛරසය පි‍ටු දැකීමට රට සූදානම් ද ? " සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඔමික්‍රෝන් වෛරසය පි‍ටු දැකීමට රට සූදානම් ද ? " සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස්

මික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම් ද?" මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මාධ්‍ය හමුවක් පැවැත්වූවා. 

එහිදී සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරයාම පිළිබඳ නිසි අවබෝධයක් ශ්‍රී ලංකාව සතු අතර, යම් හෙයකින් වෛරසය රට තුළට ඇතුළු වුවහොත් ජාන විශ්ලේෂණයකින් එය හඳුනා ගැනීමට, පරීක්ෂණාගාර පහසුකම් ඇති බවයි. 

මෙතෙක් පැවති කොරෝනා වෛරස ප්‍රභේද 04ට වඩා  ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් විය හැකි අතර,  කොවිඩි වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ට වුව ද එය ආසාදනය විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පෙන්වා දුන්නා. ඉදිරි සති දෙක තුන තුළ ඔමික්‍රොන් ප්‍රභේදයේ හැසිරීම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඇය පවසනවා. ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද ඇය සඳහන්  කළා. ප්‍රතිශක්තිකරණය ඉහළ නම් විකෘති ප්‍රභේදවලට බිය විය යුතු නැති බව ද සඳහන් කෙරුණා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැවැන්ත කැපවීම සහ මැදිහත් වීම හේතුවෙන් කොවිඩ් පාලනයෙන් ලෝකයේ ඉහළ තැනකට රට පත්ව ඇති බවත් නව ප්‍රභේදය පාලනයට ජනතා සහාය අත්‍යවශ්‍ය වන අතර නිසි සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින් ඊට සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීම බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එච්.එස්. මුණසිංහ මහතා මාධ්‍ය හමුවේ දී පවසා සිටියා. 

එසේම මෙතෙක් එන්නත් ලබා නො ගත් පිරිස් වහා ම එන්නත්කරණයට යොමු වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු අතර, බූස්ටර් එන්නතකින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා එහිදී අදහ්ස් දක්වමින් කියා සිටි අතර ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව අවධාරණය කළා. රෝගයට බියවීමට වඩා සෞඛ්‍ය නිර්දේශ පිළිපදිමින්, ප්‍රතිශක්තිකරණය පවත්වාගැනීමේ වැදගත්කම  ද ඒ මහතා පෙන්වා දුන්නා. 

දැනට රජය මඟින් සිදු කරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක අතර උත්සව සමයේ සංචරණ සීමා කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා සිටියා. 

Video Link : https://www.facebook.com/PMDNews/videos/3075097422775003

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu